විවිධ හේතු මත පසුගිය සමයේ රට හැරගිය විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා අභියාචනා ඉදිරිපත් කළත් ඔවුන් සේවය හැරගියා සේ සලකා එම ඉල්ලීම් බැහැර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇතැයි ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට වාර්තා වේ.
විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 1500ක පමණ පිරිසක් මේ වනවිට රට හැර ගොස් ඇති අතර ඉන් මෙරටට යළි පැමිණි වෛද්‍යවරුන් 20-50ක් අතර පිරිසක් මෙලෙස යළි සේවයට එක්වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරමින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ඔවුන් යළි බඳවා ගත නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ වෛද්‍යවරුන්ට දැනුම් දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන නිරීක්ෂණ කැඳවීම්වලදී යළි සේවය ඉල්ලා සිටි වෛදවරුන්ට දැනුම් දී ඇත්තේ, මේ වනවිට රට තුළ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛදවරුන් අනුමත සංඛ්‍යාව ද ඉක්මවා සිටින බැවින් අදාළ අනුයුක්ත කිරීම සිදු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දුෂ්කර වී ඇති බවයි.
සුජීව තත්සර







