BREAKING NEWS
Search

බැකෝ සමන්, තැඹිලි ලහිරු වමාරද්දී ගෝල පාතාලයෝ නිවෙස් අතහැර පලා යති….

1288

බැකෝ සමන්, තැඹිලි ලහිරු වමාරද්දී ගෝල පාතාලයෝ නිවෙස් අතහැර පලා යති….
පාතාල නායකයන් වන බැකෝ සමන්ත සහ තැඹිලි ළහිරු, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට ගෙනැවිත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී තිබේ.

ඔවුන් ලබා දුන් තොරතුරුවලට අනුව, දකුණු පළාතේ මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ජාවාරම් සඳහා සෘජුවම සම්බන්ධ පුද්ගලයන් හත්දෙනකු පිළිබඳව හෙළිදරව් වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් විසින් මෙහෙයුමක් දියත් කර තිබේ.

මෙම සැකකරුවන් හත්දෙනා ජීවත් වන බවට හෙළි වූ මිද්දෙණිය ප්‍රදේශයේ නිවාස හතක් වටලනු ලැබුවත්, ඔවුන් සිය පවුල් සමඟ ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් වන තොරතුරු, බැකෝ සමන්ත සහ තැඹිලි ළහිරු විදෙස් රටවල සැඟවී සිටිමින් දුරකතන ඇමතුම් මගින් ලබා දුන් උපදෙස් මත අනෙකුත් පුද්ගලයන් විසින් මෙහෙයවා ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

Lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!