BREAKING NEWS
Search

මේක කියවලා බලද්දි අන්තිමට තේරෙයි සුද්දො කියන්නෙ ලොකුකම දන්නෙවත් නැති මිනිස්සු කියලා…

296

” 2026/02/22 ශ්‍රී ලංකා එංගලන්ත T20 තරඟයේදි අහම්බෙන් වගේ හම්බ වුණ එංගලන්ත සුදු නෝනා කෙනෙක්. තව සුදු මහත්තයෙකුත් හිටිය.අපේ විස්තර අහලා අපිත් එක්ක නුවරට යන්න පුළුවන් කීවම අපිත් එක්කම ආවා.අපේ බබත් එක්ක ටිකක් කතා කරන ගමන් බබත් එක්ක english song කියලා එක පාරටම ඇහුවා harry කියලා කෙනෙක්ට wish කරමුද කියලා..

අද එයාගේ birthday .ඒ සුදු නෝනයි මමයි බබයි harry කියලා කෙනෙක්ට wish කරලා වීඩියෝ එකක් කළා.හරියටම දැනන් හිටියේ නෑ කවුද කියලා.එයා අපිට කීවේ අවුරුදු 27 පුතෙක් ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා.ටික දුරක් එද්දි harry cl එකක් ගත්තා ඒ නෝනට.අපිටත් කතා කරලා thanks කළා.නුවරට ළං උනාට පස්සේ ඇහුවා එංගලන්තයේ ක්‍රිකට් team එකේ captain දන්නවද කියලා.harry brook එයොගේ පුතා කියලා.අදහගන්නත් බැරි උනා.මුලින් නම් විශ්වාස කළේ නෑ.සුදු නෝනා එයාගේ පෝන් එක අරගෙන එයාලගේ පවුලේ අයයි හැමෝම පෙන්නුවා.දැන් බහින්න ළඟයි කියලා photo එකක් ගමු කියලා ගත්තා.

මගේ නම්බර් එක් ඉල්ලගෙන ඒ photo එකත් share කරලා ඒ⁣ දෙන්නො ගියා.මම නිකමට කීවා අපි ආයෙ හම්බවෙමු කියලා.ඊයේ උදේ හරියටම 8:30 ට විතර මට massage එකක් දාලා තිබුණා එයාලා අපි බලන්න එන්නම්.ඉක්මනට යන්න ඕන වැඩ ටිකක් තියෙනවා කියලා.ඉතින් එයාලා 10:30 ට විතර ඇවිත් 2:30 ට වෙද්දි ගියා. හිතාගන්නත් බෑ එයාලා ආව එක ගැන.එයාලත් අපිත් ඒ පැය කිහිපය සතුටින් ගත කළා.

අපිට harry brook ඊයේ practice අතරතුර video cl එකකින් කතා කරා.අපේ රටේ සමහර ක්‍රීඩකයොත් එක්ක බලද්දි එයාලගේ ලොකුකම ගෑවිලාවත් නෑ.ඇත්තටම ආඩම්බරයි.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!