බොහෝ බලාපොරොත්තු තිබුන තරගයක් පැරදුනා.
තරග පරාජයට හේතු කිහිපයක් තිබුනා.
අපි මේ inning එකේ ඩොට් බෝල 45ක් ගහනවා. හරියට බැලුවොත් පන්දුවාර 7ක් විතර අපි ලකුණු ගත්තේ නැති පන්දු තිබ්බා. T20 තරග රටාවේ මේ ඩොට් බෝල ගාන ටිකක් වැඩියි.
කමිල් මිෂාර ගැන මේ වෙද්දී හුඟාක් අය කතා කරනවා. ඒ තමයි කමිල්ට විකට් එකට සෙට් වෙන්න ටිකක් වෙලා යනවා. වැඩිපුර ඩොට් බෝල ප්‍රමාණයක් යනවා. එයා විකට් එකට සෙට් වෙලා හොද ඉනිමක් ගහපු දවසට ඒ ඩොට් බෝල ප්‍රමාණයට හරියට හොද ඉනිමක් ගහනවා. හැබැයි ෆේල් වුන දවසට මේ ඩොට් බෝල ප්‍රමාණය අද වගේ ලොකුවටම අපිට දැනෙනවා.
මේක මීට කලින් පැතුම් නිස්සංකටත් තිබුනා. හැබැයි පැතුම් ජාත්‍යන්තර අත්දැකීම් එක්ක පරිණත වෙද්දී ඒ තත්ත්වය හදාගත්තා. කමිල් තාම ජාත්‍යන්තර පිටියේ මේ තරග රටාවට අලුත්.. මේ වෙද්දිත් එයා ගහපු ඉනිම් වලින් හොද ඉනිම් කිහිපයක් ගහලා තියෙයි. එයාට කරන්න පුලුවන් දේ පෙන්නලා තියෙයි. ඉතිං කරන්න ඕනි මේ ක්‍රීඩකයා ඉවත් කරන එක නෙමෙයි. අපේ ඩොමැස්ටික් ලෙවල් එකත් එක්ක මේ අඩුපාඩු හදාගන්න ලේසි නැ… ඩොමැස්ටික් සහ ජාත්‍යන්තර තරගවල ගැප් එක අපේ හුඟාක් ලොකුයි. ඒ නිසා කරන්න ඕනි මේ ක්‍රීඩකයාට තවත් ජාත්‍යන්තර අත්දැකීම් දීලා මේ දේවල් හදාගන්න උදව් කරන එක… අපි පැතුම්ට කරා වගේ…
කමිල් ඒ වෙලාවේ ගහපු පහර අනවශ්‍ය පහරක්.. වැඩිපුර ඩොට් බෝල ටිකක් අරන් extra Pressure එකක් ඇගට දාගෙන ඒ pressure එක රිලීස් කරන්න අවශ්‍ය පහරකට නොගිහින් පැතුම් සහ කුසල් මෙන්ඩිස් දෙන්නගෙම කඩුලු බිද වැටුන ඒ මොහොතේ සිංගල් එක රොටේට් කරලා KJP එක්ක පොඩි පාට්නර්ශිප් එකක් ගොඩ නැගුවා ඒ වෙලාවේ සෑහෙන වටිනවා.
කමිල්ගේ දැවී යාමත් එක්ක KJP සහ දසුන් බැලුවේ බංග්ලාදේශ ස්පින් එක ඉවර වෙනකල් රිස්ක් එකක් නොගෙන එකේ දෙකේ ලකුණු ගහලා පොඩි පාට්නර්ශිප් එකක් බිල්ඩ් කරලා ඒ ප්‍රෙෂර් සිටුවේශන් එකෙන් ටීම් එක වැටෙන්න නොදී පොඩ්ඩක් දිගට ගේම් එක අදින්න…
අපි දැක්කා පවර්ප්ලේ එකේ ඉදලා අපේ පිතිකරුවෝ ප්ලෑන් එකක් දාගෙන තිබුනේ බංග්ලාදේශ ස්පින් එකට ලොකුවට රිස්ක් එකක් නොගෙන බංග්ලාදේශ පේස් එකෙන් ඒ මදී ලකුණු ගාන අල්ලන්න. පවර්ප්ලේ එකේ පැතුම් කුසල් ක්‍රීඩා කරපු විදිහෙන් ඒක පැහැදිලි වුනා. හැබැයි එහෙමයි කියලා ස්පිනර්ස්ලා යවපු ඕවර තුනේම පන්දුවාරයකට අපේ අය බවුන්ඩ්‍රියක් ගැහුවා.
හැබැයි දසුන් සහ KJP ක්‍රීඩා කරපු 11 වෙනි 12 වෙනි පන්දුවාරවල අපි එයාලගේ ස්පින් එකට ඒ දේ කරනවා දැක්කේ නැ… සින්ගල් එක රොටේට් කරා වගේම ඒ පොඩි පාට්නර්ශිප් එක ඇතුලේ මේ දෙන්න ලොකු රිස්ක් එකක් නොගෙන පන්දුවාරයකට එක බවුන්ඩ්‍රියක් වගේ ගහගන්න තිබ්බා නම් වටිනවා. අර වෙලාවේ කමිල් extra pressure එකක් අරන් අවුට් නොවුනා නම් මේ පන්දුවාර ටික එද්දී අපි හොද තැනක ඉන්න තිබුනා. හැබැයි 14 වෙනි ඕවරේ KJPගේ දැවී යාමත් එක්ක දසුන් මැච් එකේ ගියර් එක චේන්ජ් කරා… හැබැයි KJP වගේ experience player කෙනෙක්ගෙන් මීට වඩා හොද ඉනිම් consistent අපි බලාපොරොත්තු වෙනවා. දසුන් එක්ක ඒ ගොඩ නගපු සබඳතාවය අන්තිම වෙනකල් ගියා නම් මාරම වටිනවා.
15 වෙනි ඕවරේ ඉදන් අවසන් වෙනකල් දසුන් සුපිරි නොක් එකක් ගැහුවා. අපි කාලයක් තිස්සේ කියපු දෙයක් තමයි දසුන්ව අංක හතරට එවන්න කියලා. ඒ කිව්වෙත් දසුන්ට විකට් එකට සෙට් වෙන්න ටික වෙලාවක් යනවා. හැබැයි සෙට් වුනාට පස්සේ එයාට කරන්න පුලුවන් ඩැමේජ් එක එයා මේ තරගයෙත් පෙන්නුවා.
දසුන් අංක පහ ක්‍රීඩා කරන්න හිටපු කෙනෙක් නෙමෙයි. වාසනාවකට left hand right hand combination එක හදන්න ඕනි නිසා දසුන්ව අංක පහට යූස් කරන්න ඕනි වුනා. දසුන් ක්‍රීඩා කරපු විදිහ නියමයි. මේ ග්‍රවුන්ඩ් එකේ එක පැත්තක බවුන්ඩ්‍රි ලයින් එක ලගයි. දසුන් හැමවෙලාවෙම පහරවල් එල්ල කරේ ඒ පැත්ත බලලා. පහරවල් හදලත් ගැහුවා. හරිම ස්මාර්ට් ඉනින්ග් එකක්…
හැබැයි අවසන් පන්දුවාරයේ දසුන්ට පන්දු කිහිපයක් මිස් වුනා. ලොකු පහරවල් ගහන්න උත්සාහ කරපු පන්දු. මං හිතනවා ඒ ලකුණු ටික ආවා නම් 180කට කිට්ටු ලකුණු පුවරුවක් අපිට දෙන්න තිබුනා.
හැබැයි 168ත් අපිට බේරා ගන්න තිබ්බා. පවර්ප්ලේ එකේ නුවන් තුෂාර හොද ආරම්භයක් ගත්තත් ඒක පවත්වාගෙන යන්න බැරි වුනා. චමීරගෙන් වෙනදා දකින පන්දු යැවීම මේ තරගයේ දැක්කේ නැ… තුෂාරගෙන් රිද්මය ගිලිහුනා. මේ නිසාම බංග්ලාදේශය පවර්ප්ලේ එක දින්නා. මේක තරගයේ ලොකු පොයින්ට් එකක්..
වනිඳු හොඳින් පන්දු යැව්වා. හැබැයි වනිඳුට මේ තරගයේ හොද පාට්නර් කෙනෙක් හිටියේ නැ… බොහෝ වෙලාවට වනිඳුට විකට් එන්න අනිත් අන්තයේ පන්දු යවන ක්‍රීඩකයා දෙන ප්‍රෙෂර් එක බලපානවා. ඒක කලින් තීක්ෂණ කරා. හැබැයි මේ අවුරුද්දේ තීක්ෂණ හිටියෙත් අර 2022දී දැකපු තීක්ෂණ නෙමෙයි. ලොකු Economy එකක් තීක්ෂණ තියාගන්නවා.
මේ තරගයේදී දුනිත් වෙල්ලාලගේව බංග්ලාදේශ පිතිකරුවන් ටාර්ගට් කරා. මේවා සාමාන්‍යය දේවල්. තරගයක් මැද්දට ගියාම ඒ ක්‍රීඩකයාගේ පෞද්ගලික කාරණා වැඩක් නැ… අපි රට දිනවන්න උත්සාහ කරනවා වගේම ප්‍රතිවාදියා බලන්නෙත් තමන්ගේ රට දිනවන්න.
වෙල්ලාලගේ ඉන්න මානසික සිටුවේශන් එක ගැන අමුතුවෙන් අපි කියන්න ඕනි නැ… ඒක හැමෝම දන්නවා. ඒ වගේ වෙලාවට ඕනම කන්ඩායමක් බලන්නේ ඒ වගේ පන්දු යවන්නෙක් ආපු ගමන් ඇටෑක් කරලා තවත් වට්ටන්න. බංග්ලාදේශය මේකෙදී කරෙත් ඒක… මේවා ඉතිං අපේ ටීම් සිලෙක්ෂන් එක තරගයට කලින් හිතන්න ඕනි ඒවා… ඒ නිසාම චරිත් කරේ වෙල්ලාගේ ඕවර්ස් ටික ඉක්මනට ඉවර කරලා දාන්න. හැබැයි ටීම් එකට කිසිම effective එකක් වුනේ නැ… වෙල්ලාට මේ වෙලාවේ මොකුත්ම කියන්න බැ… තමන්ව ටීම් එකේ සෙල්ලම් කරන්න දාද්දී ඒ වගේ වෙලාවක ඔලුව හදාගෙන අත උස්සලා ග්‍රවුන්ඩ් එක මැද්දට ආපු එකම ලොකු දෙයක්.. ඒ මොරාල් එක ඒ ගට හැම ක්‍රීඩකයෙක්ටම නැ… හැබැයි මේවා ටීම් සිලෙක්ෂන් වල හිතන්න තිබුන දේවල් කියලා නැවතත් කියනවා.
ඒත් අපිට ගේම් එකේ ඇල්ලිලා ඉන්න තිබ්බා. මේ තරගයේ වගේම කලින් තරගයෙත් තුෂාරගෙන් පන්දුවාර තුනක් මුලින්ම අරන් තිබුන මොහොතක කලින් තරගයේ වගේම 15 වෙනි පන්දුවාරයෙන් පස්සේ අපි පන්දු යවන්නෝ යොදා ගත්ත විදිහේ ප්‍රශ්නයක් මේ තරගයෙත් දැක්කා. කලින් මැච් එකේ දසුන් වෙල්ලා දෙන්නම හොදට කරලා තිබුන වෙල්ලගෙන් 15 වෙනි ඕවරේ අරන් ඉවර කරන් නැතුව දසුන්ගේ පන්දුවාර 4 ඉවර කරගත්තා. මේ මැච් එකේ තීරණාත්මක වෙලාවක අපිට වඩා බංග්ලාදේශය ඉස්සරහින් හිටපු වෙලාවක චරිත් අලුත් පන්දු යවන්නෙක් කැදෙව්වා. කමිදුගේ ඒ ඕවරේට වුන ඩැමේජ් එක ලොකු එකක්… 6th bowling option එකක් දාලා බලන්න ඕනි වෙලාවක් නෙමෙයි ඒක…
මේ තරගාවලියට එන්න කලින්ම රිෂී ලිව්වා අපි බෝලර්ස්ලා 4 දෙනෙක්කුගෙන් ගහන එකේ අවධානම. මේ තරගයේ වුනෙත් ඒක. අපේ ප්‍රධාන පන්දු යවන්නන්ගෙන් වනිඳුට විතරක් කඩුලු එද්දී අනිත් පන්දු යවන්නන්ට කඩුලු එන්නේ නැති වෙද්දී ඒ වගේ දේවල් කරලා බලන්න නායකයෙක්ට හිතෙන එක සාධාරණයි. මොකද ඒ වෙලාවේ Hridoy හොද ස්මාර්ට් ක්‍රිකට් එකක් ගැහුවා. කමිඳු ආපු ගමන් ඒ ඕවරේ ගන්න පුලුවන් චාන්ස් එක උපරිමේම ගත්තා. ඒ වෙලාවේ කරන්න ඕනේ නැති දෙයක් අපි කරේ…
මේක තමයි තරගය අපෙන් ගිලිහෙන්න ලොකුම පොයින්ට් එක. එක්දින තරග වගේ නෙමෙයි. මේ තරග රටාවේ එක පන්දුවාරයත් ඇති තරගයක් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න.
අවසාන මොහොතේ දසුන් හොද effort එකක් දැම්මත් ඒ වෙද්දී තරගය අපෙන් ගිලිහී ඉවරයි. දසුන්ගේ අවසන් ඕවරේ ගිය ඒ හතරවත් අඩු තරමින් නතර වුනා නම් සමහරවිට තරගයම වෙනස් වෙන්න තිබ්බා. කොහොම වුනත් ටීම් ප්ලැනින් අතින් මේ තරගයේ අපිට වඩා හුඟාක් හොද දේවල් සහ ඉස්සරහින් බංග්ලාදේශය හිටියා. අපි ඇෆ්ගන් මැච් එකේ ක්‍රීඩා කරා වගේ එයාලා මේ මැච් එකේ ලස්සනට ප්ලෑන් එකකට ක්‍රීඩා කරා.
ඉස්සරහට අපේ කම්බිනේශන් එක ගැන මීට වඩා හිතන්න වෙනවා. ඒ වගේම මේ වෙද්දී බෙන්ච් එකේ ඉන්න අයගෙන් තීක්ෂණ, බිනුර සහ මතීෂ තුන්දෙනා ගැනම අන්තිම තරග ක්‍රීඩා කරපු විදිහ එක්ක ලොකු විශ්වාසයක් තියන්න බැ…
ඉස්සරහට එන තරගය තියෙන්නේ අබුඩාබි වල. ඒ තණතීරුව වේග පන්දු යවන්නන්ටත් ටිකක් හොදයි. එශාන් වගේ ඩෙත් එකේ හොදට කරන්න පුලුවන් පන්දු යවන්නෙක් හිටියා නම් කියලා මට පෞද්ගලිකව හිතුන දෙයක්… කොහොම වුනත් මේ ඉන්න ක්‍රීඩකයින් එක්ක අපිට ඉතුරු දෙක හොදට කරන්න වෙලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට අරන් හොඳට කරයි කියලා…
✍️ | Rishie Bro







