රාවල්පින්ඩි වල දෙවනුවට බැට් කරනවා කියන්නේ ඒ කන්ඩායමට තරග ජයග්‍රහණය කිරීමේ තියෙන සම්භාවිතාව හුගාක් වැඩියි. හේතුව තමයි රෑට මේ ග්‍රවුන්ඩ් එකට එන පින්න…
මේ පින්නත් එක්ක පන්දු යවන්න ලේසි නැ… අපි කොහොමත් දන්නවා මේ ග්‍රවුන්ඩ් එක ප්‍රමාණයෙන් කුඩා සහ පිතිකරුවන්ට ඉතාම හොද තණතීරුවක්… අලුත් පන්දුවෙන් දෙයක් කරගත්තොත් හැරෙන්න එතැනින් පස්සේ පන්දු යවන්නන්ට ලොකු චාන්ස් එකක් නැ…
ඊයේ අපි ටොස් එක දිනලා මුලින්ම පන්දු යවන්න අරන් අපිට අවශ්‍ය කරපු හොද ආරම්භය ගත්තා. අපේ පන්දු යවන්නන් පවර්ප්ලේ එකේ පකිස්තානය ලකුණු 28කට තියා ගත්තා. එක් කඩුල්ලකුත් ගත්තා.
පිතිකරණයේදි අපි පලවෙනි පවර්ප්ලේ එකේදී කිසිම කඩුල්ලක් නොදී ලකුණු 75ක් ගහනවා. හොඳම ස්ටාර්ට් එකක් ඒක…
හැබැයි ඒත් අපි පරදිනවා.
පන්දු යැවීමේදී අපි පලවෙනි පන්දුවාර 25 හොදින් පකිස්තාන කන්ඩායම පාලනය කරා… පන්දුවාර 25ක් ලකුණු 94කට ප්‍රතිවාදියා තියාගෙන කඩුලු 4ක් ගන්නවා කියන්නේ මේ විකට් එකේ ලොකු ජයග්‍රහණයක්…
හැබැයි අවසන් පන්දුවාර 25දී පකිස්තානය ලකුණු 203ක් ගහනවා. ඒ එක කඩුල්ලක් පමණක් දීලා… එක අතකට පන්දු යවන්නෝ හතරක් විතරක් තියාගෙන එක පන්දු යවන්නෙක් අඩුවෙන් මේ වගේ බැටිං විකට් එකක මේ ගානට හරි පකිස්තානය තියාගත්ත එක ලොකු දෙයක්…
නායකයා තරගයෙන් පස්සේ කියනවා අපිට පකිස්තානය 260ක 270කට තියාගන්න තිබුනා කියලා.. ඇත්ත… හැබැයි 299ක් කියන්නේ මේ තණතීරුවේ හඹායන්න පුළුවන් ලකුණු ගානක්…
ඉතිං නායකයාගේ මේ ප්‍රකාශය කීයටවත් නිදහසට කරුණක් විදිහට ගන්න බැ…
එක්දින තරගයක පන්දුවාර 10ත් 40ත් අතර මැද පන්දුවාර 30 කියන්නේ තරගයේ වැදගත්ම අවස්ථාවක්… අපිට වැරදුනේ ඔතන… විශේෂයෙන්ම කමිල්ගේ දැවී යාමත් එක්ක ආපු මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යාම හොඳ තැනක ඉදපු කන්ඩායම බිමටම වැට්ටුවා… ඒත් එක්කම පැතුම් නිස්සංකත් දැවී ගියා…
ඊට පස්සේ සදීර සහ චරිත් පීඩනය හමුවේ හොද ආරම්භයක් ගත්තත් මේ දෙන්නම ඒ ඉනිම් ලොකු ඉනිම් කරා රැගෙන ගියේ නැ… ලකුණු 95ට කඩුලු 4ක් වැටිලා ඉද්දී හුසෙයින් ටලට් සහ සල්මාන් ආගා කරපු දේ කරන්න අපේ කාටවත් බැරි වුනා.
වනිඳු හසරංග සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරා…
මේ ඉනිම් අවුරුදු දෙක තුනකට සැරයක් නෙමෙයි අඩුම තරග දෙක තුනකට සැරයක්වත් ආවොත් අපිට සෑහෙන ලොකු අඩුවක් වෙලා තියෙන තුන් ඉරියව් පුරප්පාඩුව පිරැවෙනවා.

වර්තමාන ශ්‍රී ලංකා කන්ඩායමේ තාමත් Genuine Allrounder කෙනෙක් නැති ගැටලුව තියෙනවා. ඒ නිසාමයි අපිට පිතිකරුවන් 7ක් සහ පන්දු යවන්නන් 4ක් එක්ක යන්න වෙලා තියෙන්නේ… මට තාමත් හිතාගන්න බෑ ඇයි චරිත් අසලංක කමිඳුව හරියට පාවිච්චි කරන්නේ නැත්තේ කියලා…
හරිනම් පාර්ට් ටයිම් බෝලර්ස්ලා අතරින් චරිත්ට වඩා ඉස්සරහින් තියන්න පුළුවන් කමිඳු මෙන්ඩිස්ව… හැබැයි මේ තරගයෙත් චරිත් පන්දුවාර 2ක් පන්දු යැව්වට අත් දෙකෙන්ම පන්දු යවන කමිඳුගෙන් වැඩක් ගත්තේ නැ… කමිඳු සහ ජනිත් කියන්නේ Batting Allroundersලා දෙන්නෙක්.. හැබැයි අපිට තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ අඩුවක් තියෙන මේ වෙලාවේ අපි දැනගන්න ඕනි මේ ඉන්න අයගේ පන්දු යැවීම දියුණු කරලා අරන් ඒ අඩුපාඩු පුරවා ගන්න. හරියට ඉන්දියාව පාණ්ඩ්‍ය ආබාධ වුනු වෙලාවේ ශිවබ් ඩුබේගේ පන්දු යැවීම පොලිෂ් කරලා ගත්තා වගේ…
දැන් ජනිත්ව වැඩිපුර පාවිච්චි කරා.. ඒක හොද දෙයක්.. ඔය වගේම කමිඳුවත් ඉදිරි තරගවල හරි විදිහට නායකයා පාවිච්චි කරයි කියලා හිතනවා. ඒ වගේම එයාලගේ ජොබ් රෝල් එකත් හරියට දැනගෙන ක්‍රීඩා කරන්න ඕනි. මේ දෙන්නගේ ඩියුටි එක කඩුලු ගන්න පන්දු යවන එක නෙමෙයි පුළුවන් තරම් ලකුණු අඩුවට පන්දුවාර ටික දාලා දෙන්න පන්දු යවන එක… ඒ ප්‍රෙෂර් එක අනිත් පන්දු යවන්නන්ට කඩුලු ගන්න ලොකු සපෝර්ට් එකක්…
තරගය පරදින්න ලොකුම හේතුව තමයි අපේ මැද පන්දුවාරවල කඩුලු වැටීම… මැද පන්දුවාරවල අපේ කඩුලු හතක් බිඳ වැටුනා. අර මුලින් කියපු පින්නේ වාසිය ගන්නවත් අපිට අන්තිමට පිතිකරුවන් නැති වුනා.
පකිස්තානය මේ තරගයට වේග පන්දු යවන්නෝ 4ක් එක්ක එද්දී අපි ආවේ දෙන්නෙක් එක්ක… අවසන් තරග කිහිපයේම අසාර්ථක මහීෂ් තීක්ෂණ වෙනුවට තවත් වේග පන්දු යවන්නෙක් ක්‍රීඩා කරා නම් ඒක හොද ටැක්ටිකල් decision එකක් වෙන්න තිබුනා කියලා මට පෞද්ගලිකව හිතුනා. ඕනම රටක් ඒ ඒ තරගයට කන්ඩිශන් වලට ගැලපෙන විදිහට තමන්ගේ සංයුතිය හදාගන්නවා. හැබැයි අපි හැමදාම එකම රොටිය.. අන්තිමට රොටිය කර වුනාට පස්සේ තමයි සේරම මතක් වෙන්නේ…

ඉතිං හෙට තරගයේදී ප්‍රමෝද් මදුශාන්ට අවස්ථාවක් ලැබුනොත් වටිනවා. මේ තරගයේ අපි ඩෙත් එකේදී ලකුණු 100 වඩා දුන්නා. ඩෙත් ඕවර්ස්වල හොදින් පන්දු යවන එශාන් වුනත් අවුලක් නැ…
හේතුව බැරි වෙලා හරි අපි කාසිය වාසිය පැරදිලා රෑට පන්දු යවන්න වුනා නම් පින්නත් එක්ක දඟ පන්දු යවන්නෙක් ක්‍රීඩා කරන එක මීටත් වඩා අවාසිදායක වෙන්න තිබුනා.
පවන් රත්නායක ක්‍රීඩා කරනවා නම් හෙට තමයි දවස… තිහේ කෑල්ලක් ගහපු සදීරට ඊලග තරගයෙන් අවස්ථාව දීලා ඒත් මේ වගේ තිහේ කෑල්ලකින් ගියොත් අන්තිම තරගයේදී පවන්ව දාලා එක මැච් එකෙන් මිනිහව අතුරුදහන් කරන්න බලන්නත් පුළුවන්… මොකද ඉතිහාසයේ එහෙම දේවල් ඕනි තරම් වෙලා තියෙනවා. හැබැයි පවන් කියන්නේ එහෙම ලේසියෙන් අතුරුදහන් කරන්න පුළුවන් කොල්ලෙක් නෙමෙයි කියලත් මතක තියාගන්න ඕනේ…
හැමදාම එකම බයිලාව නැතුව දැන් ඕනි රටෙන් එළියට ගිහින් ජයග්‍රහණ… ICC ප්‍රධාන තරගාවලි වල සටනක් දෙන්න නම් හැමදාම ලංකාව ඇතුලේ කුඹුරු වල ගන්න ආතල් එකෙන් ඒක කරන්න බැ… Ranking up වෙන්න ඒක හොඳයි. හැබැයි ලෝක කුසලාන දිනන්න එහෙම බෑ…
ඉතිං මේක හොද තරගාවලියක්… තව තරග දෙකක් තියෙයි…
බලමු මේ තරග දෙකේ අපේ උන්දැලා මොකද කරන්නේ කියලා…
✍️ | Rishie Bro







