වංචාව හා දූෂණය පිටුදැකීමට විපක්ෂයේ කිසිදු විරෝධයක් නොමැති බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
ඒ අනුව, හොරු ඇල්ලීමට විපක්ෂයද සහයෝගය ලබාදෙන බවයි අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා සඳහන් කළේ.
නමුත් හොරුන් මතට දමා විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ කරන්නේ නම්, ඊට එරෙහිව පෙනී සිටින බවද ඔහු ප්‍රකාශ කළා.
පිටරට සඟවා ඇති මුදල් දිවයිනට ගෙන එන බවත්, උගන්ඩාවේ මුදල් ගෙන එන බවත් ආණ්ඩුව බලයට පැමිණීමේදී ප්‍රකාශ කළ නමුත් අද සිදුවන්නේ ඒවා නොව, ඒවා මුවාවෙන් විපක්ෂය මර්දනය කිරීම බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
Helakuru Esana







