ජනාධිපති අනුර කුමාර දිසානායක රට ඉදිරියට ගෙන යාමට උත්සහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආරම්භ කළ වැඩසටහන ඉදිරියට ගෙන යාමට ජනාධිපති අනුර කුමාර දිසානායක උත්සාහ කරන බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
නමුත් ජනාධිපතිවරයාට එම ගමන යාමට බාධාවක් වී ඇත්තේ විපක්ෂය නොව, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කියන කරන කතා හා ක්‍රියාකාරකම් බවත්, ජනාධිපතිවරයා විසින් ‘යාරයක් මසන විට’ ඇමතිවරුන් ‘බඹයක් ඉරා දමන’ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – එසැණ







