BREAKING NEWS
Search

ට්‍රම්ප් වෙනිසියුලාව ආක්‍රමණය කළේ ඇයි ?

1145

 

ඉරාකයේ තෙල් සම්පත කොල්ලකෑම උදෙසා අමරිකාවේ බුෂ් සහ බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් සමග කුමණ්ත්‍රණයක් දියත් කරමින් සදාම් හුසේන් විසින් ජෛව රසායනික අවි නිපධවා ඇති බවට චෝදනා කළේය. එකී. චෝදනාවට පිටුපා ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අයුක්ති සහගත ලෙස ඉරාකය ආක්‍රමණය කළ අතර ඉහතකී චෝදනාවද පසුව පුස්සක් බවට පත්විය. තෙල් වෙනුවෙන් ලේ සෙලවූ ඇමරිකානු ආක්‍රමණය අවසන් වූයේ ඇමරිකාවට යටත් නොවූ සදාම් හුසේන් පසුව එල්ලා ම/රා දැමීමෙනි.

අද දින උදෑසන ඇමෙරිකානු ජනපතිගේ සෘජු අනින් ක්‍රියාත්මක වූ එරට ඩෙල්ටා හමුදා ඒකකය වෙනිසියුලාවේ කරකාස් අගනුවරට ප්‍රහාර මාලාවක් දියත් කළ අතර පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුම මගින් ප්‍රකාශ කර සිටියේ වෙනිසිවුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මේ වන විට සිය හමුදා භාරයට ගත් බවයි. 1989 දී ඇමරිකාවට අවනත නොවූ පැනමා ජනාධිපති මැනුවෙල් නොරීගා ( Manuel Noriega) අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සමාන ලෙස මෙම මෙහෙයුම දියත් කළේය. පැනමා ජනපති අත්අඩංගුවට ගැනීමත් සමගම පැනමා ඇලේ වෙළඳ බලය එක්සත් ජනපදය ඩැහැගනු ලැබීය. අද දින ලොව තෙල් බලවතෙකු වූ වෙනිසියුලාව ආක්‍රමණය කරනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරමකට මුවා වි වෙනිසියුලානු තෙල් සම්පත කොල්ලකෑමටය. මෙම කොල්ලයට එරෙහි ප්‍රබලම සාධකය වූ නිකොලස් මධුරෝ බලයෙන් පහකිරීම සැළසුමේ අංක එක විය.

. ඛනිජ තෙල් බැරල් බිලියන 300ක න්ෂ්පාධන ධාර්තාවක් හිමිකරගත් ලෝකයේ වැඩිම පොසිල ඉන්ධන ප්‍රමාණයක් හිමි රට වෙනිසියුලාවයි.
පිදෙල් කස්ත්‍රෝ, අර්නස්ටෝ චේගුවේරා ගේ ආභාෂය ලැබූ චාවේස් වෙනිසියුලානු තෙල් සහ්පතේ ප්‍රතිලාභ රට වැසියන්ට ලබාදුන් අතර චාවේස් යනු සෘජු ලෙස ඇමරිකාවට අභියෝග කළ මිනිසාය. ඔහුගේ ම/රනය පිටුපස සීඅයිඒ සංවිධානය සිටි බව පැවසුවේද වර්තමාන ජනපති නිකලොස් මධුරෝය. චාවේස්ගේ ප්‍රගතිශීලී ගමන් මග ඉදිරියට ගෙනගිය මධුරෝධ ඇමරිකානු උදහසට ලක්විය. මධුරෝ තම දේශපාලන සහ වෙළඳමිතුරන් බවට පත්කරගනු ලැබුවේ රුසියාව සහ චීනය වීම ඇමරිකානු වෛරයට හේතුවිය.

ඇමරිකාවේ අතකොළුවක් වන වෙනිසියුලානු විපක්ෂ නායක Maria Corina Machado බලයට ගෙන සදාම් හුසේන් ගෙන් පසුව ඉරාකයෙ පාලකයන් ලෙස පත්කළ ඇමරිකානු හෙංචයියන් හරහා එරට තෙල් සම්පත කොල්ලකෑ ආකාරයටම වෙනිසියුලානු තෙල් සම්පත අයුක්ති සහගත ලෙස කොල්ලකෑම මේ ආක්‍රමණය පිටුපස ඇති තිත්ත ඇත්තයි. මෙම අසාධාරණ ආක්‍රමණයට එරෙහිව යුක්තිගරුක ලෝකයම නැගී සිටිය යුතුයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!