BREAKING NEWS
Search

එළිපිටම විනාශකරන වනාතවිල්ලුවේ කඩොලාන

261

 

 

වනාතවිල්ලුව වට්ටකන්ඩල් ප්‍රදේශයේ කඩොලාන විනාශ කරමින් සිටි පිරිසක් සොයා සිදුකළ මෙහෙයුමකදි එක් සැකකරුවෙකු සිය භාරයට ගැනිමට පුත්තලම වන අඩවි නිලධාරීන් සමත්ව තිබේ.

නිලධාරීන් අහසට වෙඩිතබා සැකකරුවන් හඹා ගොස් ඇති අතර තවත් සැකකරුවන් 06 දෙනෙකු පලාගොස් ඇති බව වාර්තා වෙයි.

වනාතවිල්ලුව, වට්ටකන්ඩල් ප්‍රදේශයේ කඩොලාන විනාශ කරමින් සිටින බවට පුත්තලම වනඅඩවි නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණේ දින කිහිපයක සිටයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන්, ධීවර යාත්‍රා යොදාගත් එක් කණ්ඩායමක් කලපුවෙන් ද තවත් පිරිසක් ගොඩබිමෙන් ද අද පස්වරුවේ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

එහිදි කඩොලාන කපමින් සිටි පිරිස පලායාමට තැත්කර ඇති අතර නිලධාරීන් අහසට වෙඩි තබා සැකකරුවන් හඹා ගොස් එක් සැකකරුවෙකු සිය භාරයට ගෙන තිබේ.

කඩොලාන කපමින් සිටි තවත් 06 දෙනෙකු පලාගොස් ඇති බව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී තිබේ.

ඔවුන් සොයා මේ වනවිට එම නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කර ඇත.

වනඅඩවි නිලධාරීන් භාරයටගත් සැකකරු වනාතවිල්ලුව පොලීසියට භාරදීමට නියමිතයි.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!