BREAKING NEWS
Search

සුද්දොන්ට මින් පස්සේ මෙරටදී ටුක් ටුක් පදින්න තහනම් වෙයිද ?

1973

විදේශීය රියැදුරු බලපත්‍රවල ත්‍රිරෝද රථ කාණ්ඩය ඇතුළත් නොවන බැවින්, සංචාරය සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන්ට ත්‍රිරෝද රථ පැදවීම සඳහා අවසර ලබා දිය නොහැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, නීතිඥ කමල් අමරසිංහ මහතා අවධාරණය කරයි.

 

කෙසේ වෙතත්, මෙරටට පැමිණෙන සංචාරකයන්ට ඔවුන්ගේ මව් රටේ රියැදුරු බලපත්‍රය මත පදනම්ව, සැහැල්ලු වාහන සහ යතුරුපැදි පැදවීම සඳහා තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් පවතින බව ඒ මහතා සඳහන් කළේය. මෙම සේවාව වඩාත් කඩිනම් කිරීමේ අරමුණින්,

කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇත.

මීට අමතරව, දීර්ඝ කාලීන වීසා මත මෙරට රැඳී සිටින විදේශිකයන්ට, ප්‍රායෝගික රියැදුරු පරීක්ෂණයකින් සමත් වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමේ හැකියාව පවතී.

මේ අතර, දැනට රට තුළ පවතින රියැදුරු බලපත්‍ර කාඩ්පත් හිඟය පිළිබඳව ද කොමසාරිස් ජනරාල්වරයා අදහස් දැක්වීය. ඊට විසඳුමක් ලෙස, එක්දින සේවාව යටතේ සහ විදේශගත වන පුද්ගලයන් සඳහා පමණක් දැනට කාඩ්පත් මුද්‍රණය කරන බවත්, සෙසු අයදුම්කරුවන්ට තාවකාලික බලපත්‍රයක් නිකුත් කරන බවත් ඔහු පැවසීය.

නව කාඩ්පත් තොගයක් සඳහා ඇණවුම් ලබා දී ඇති බැවින්, එළඹෙන සැප්තැම්බර් මාසය වන විට මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි කමල් අමරසිංහ මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය. කාඩ්පත් මුද්‍රණය වේගවත් කිරීම සඳහා නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ද ඇණවුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!