BREAKING NEWS
Search

නව CCTV ගල්කිස්ස සිද්ධිය කනපිට හරවයිද?

5824

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී නීතීඥවරයෙකුට පොලිස් කොස්තාපල්වරයෙකු පහර දෙන බවට චෝදනා එල්ල වූ සිද්ධියකින් සතියකට පසුව, ඊට අදාළ නව සීසීටීවී දර්ශන පෙළක් මතු වී තිබේ. මෙම දර්ශන මගින් අදාළ පොලිස් නිලධාරියා නීතීඥවරයාට පහර දෙන අයුරු පෙනී යන බවට වාර්තා වේ.

 

කෙසේ වෙතත් අලුතින් පිටකර ඇති සීසීටීවී දර්ශන අදුරු පැහැයක් හා රාත්‍රී සිදුවූ සිද්ධියක්දැයි සැකයක් මතුකරන අතර එහි දිනය ලෙස 2004 සටහන්වීම නිසා මෙය පැරණි වීඩියෝවක්ද යන සැකය මතුකර ඇත.
එසේම මෙහිදී පහරදීමක් ලෙස පැහැදිලි දෙයක් පෙන්නුම් නොකරයි. රියදුරු අසුනේ සිටින අය තල්ලුකර දමන්න හදන විට පොලිස් නිලධාරියාද තල්ලු කරන ආකාරයක් දිස්වේ.මෙහි සිටින්නේ ප්‍රශ්නයට අදාළ අයද වෙන අයද යන්න පැහැදිලි නැත.

මින් ඉහත අදාළ සිද්ධියේ අධිකරණ සීසීටීවී හමුවූයේ නැති බව පොලිසිය වාර්තා කර තිබුණි.

 

 

වාර්තා වන අන්දමට මෙම ගැටුම ඔක්තෝබර් 10 වන දින සිදුව ඇත්තේ, බන්ධනාගාර බස් රථයක් අධිකරණ භූමියේ දොරටුව අවහිර වන සේ නවතා තැබීම සම්බන්ධයෙන් නීතීඥවරයා පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමගය. මේ සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වූ මෙම නව දර්ශන මගින්, නිලධාරියා විසින් නීතීඥවරයාට ශාරීරිකව පහර දුන් බවට එය පළ කළ අය ඔප්පුකරන්න උත්සාහ දරයි.

ජ්‍යෙෂ්ඨ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා මෙම දර්ශනවල නිරවද්‍යතාව තහවුරු කර ඇති නමුත් පොලිසිය මේ ගැන තවම අදහස් දක්වා නැත.

මෙකී සිද්ධියෙන් අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් අතර, ඔක්තෝබර් 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඔහු ඇප මත මුදා හැර තිබේ. මෙම චෝදනාවට ලක්වූ නීතීඥයා සැගව සිටි අතර දින කිහිපයකට පසු අධිකරණයට භාරවී ඇප ලබාගත්තේය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!