BREAKING NEWS
Search

පේරාදෙණිය කළු පාලමේ වැඩ නවතලා සූර පප්පලා යන්න යයි.. නුවර කෝච්චි ගමන් තවදුරටත් දින නියමයක් නැතුව කල් යයි

469

 

පේරාදෙණියේ මහවැලි ගඟ හරහා ඉදිකර ඇති වසර 150කට අධික ඉතිහාසයක්  යකඩ පාලමක් වන “කළු පාලම” සම්බන්ධයෙන් අලුත්ම තත්ත්වයක් වාර්තා වෙයි. යළි පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට අඩාල වී ඇති බව වැඩබිම් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය කාලයේ ඇති වූ දැඩි සුළි කුණාටු සහ ගංවතුර හේතුවෙන් පාලමට දැඩි හානි සිදුවී තිබූ අතර, එම හානි සකස් කිරීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙළ හදිසියේම නතර වී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වන්නේ පුරාවිද්‍යා බලධාරීන් සමඟ ඇති වී තිබෙන එකඟතාවයක් නොමැති තත්ත්වයයි. පාලම ශක්තිමත් කිරීම සඳහා පැරණි ගල් කොටස් ඉවත් කිරීම අවශ්‍ය වුවද, ඒ සඳහා අවසර ලබා නොදීම හේතුවෙන් ඉංජිනේරු කණ්ඩායම් අපහසුතාවයට පත්ව ඇති බව සඳහන් වේ.

ආරම්භක සැලසුම් අනුව මැයි හෝ ජූනි වන විට මෙම වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වුවද, වත්මන් තත්ත්වය අනුව එම ඉලක්කය සම්පූර්ණයෙන්ම අවිනිශ්චිත වී ඇත.

වැඩ ඉක්මනින් නිම කිරීමට දිවා රාත්‍රී නොබලා වෙහෙස මහන්සි වී කටයුතු කළ ඉදිකිරීම් කණ්ඩායම් ද මේ වන විට වැඩබිමෙන් ඉවත්ව ගොස් ඇති බවද වාර්තා වෙයි.

පාලමේ අබලන් තත්ත්වය හේතුවෙන් දැනට මාස කිහිපයක සිට නුවර දුම්රිය ධාවනය රඹුක්කනෙන් අවසන් කිරීමට සිදුවී තිබෙන අතර, මේ තත්ත්වය තවදුරටත් දිගු වීමට ඉඩ ඇති බවට දේශීය දුම්රිය ආරංචි මාර්ග අනතුරු අඟවයි.

නිලධාරීන් සහ ඉංජිනේරුවන් වැඩ නතර කිරීමත් සමඟ, නුවර දුම්රිය සේවාව යථා තත්ත්වයට පත්වීම කල් යා හැකි බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. (Ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!