BREAKING NEWS
Search

මහින්ද බලන්න කලකට පසු විමල් යයි…

542

විජේරාම නිල නිවසින් ඉවත්ව යාමෙන් පසු මේ වන විට තංගල්ල කාල්ටන් නිවසේ රැුදී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුවදුක් බැලීමට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද එහි ගොස් ඇත.

ඒ සමබන්ධයෙන් ඔහු විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

දශක ගණනාවක් පුරා පෝෂණය වූ LTTE ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමේදී ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබාදුන් 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, එතුමාට ඇති ජීවිත තර්ජනයන්ද නොතකා වත්මන් පාලකයින්ගේ තීරණය අනුව කොළඹ නිල නිවස නැවත භාරදි තංගල්ල කාල්ටන් නිවසට පසුගිය දිනක ගිය පුවත ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා වැඩි අවධානයක් දිනාගත් පුවතක් විය.

දේශපාලනමය වශයෙන් කොතෙක් විසම්මුතින් තිබුණ ද ත්‍රස්තවාදය පරාජය කිරීමට එතුමා ලබා දුන් දේශපාලන නායකත්වයට කෘතගුණ සැලකීමක් ලෙස මමත්, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයිනුත්  (16) තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා හමුවී එතුමාගේ සුවදුක් විමසා අපහට දැක්විය හැකි කෘතගුණය දක්වනු ලැබුවෙමු.

lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *