BREAKING NEWS
Search

අගමැතිනියට ඉල්ලා අස් වෙන්නැයි බලකරමින් විමල් නිරත වූ සත්‍යග්‍රහය අවසන්..!

9918

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වනවිට අවසන් කර තිබේ.

රජය විසින් 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දමා ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙලෙස සත්‍යග්‍රහය අවසන් කර ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බලකරමින් මෙම සත්‍යග්‍රහය ඊයේ ආරම්භ කර තිබුණි.

 

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!