BREAKING NEWS
Search

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක තමන් කොතනටද යන්නේ කියලා දරුවන්ට 09 වසරෙන්ම තීරණය කරන්න පුලුවන්..’ – අධ්‍යාපන නියෝජ්‍ය ඇමති

1126

 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා 09 ශ්‍රේණියෙන් පසු තමන් ඉදිරියට යන්නේ කුමන මාර්ගයෙන්ද යන්න තෝරා ගැනීමට සිසුන්ට අවස්ථාවක් ලැබෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා.

ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුවෙකුට මුහුණදීමට සිදුවන්නේ විෂය 07 කට පමණක් බවත්, එහිදී ඉතිහාසය හා සෞන්දර්යය ඉවත් කර නොමැති බවයි අද (24) පාර්ලිමේන්තුවේ පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

වෙනදා දරුවන් උසස් පෙළට කරන්නේ කුමක්ද යන්න තීරණය කළේ සාමාන්‍ය පෙළින් පසුව වුවත්, නව ක්‍රමවේදය හරහා 10 – 11 ශ්‍රේණිවල ප්‍රධාන විෂය 07 ඉගෙනගන්නා අතරතුර 12 – 13 ශ්‍රේණිවලදී ඉගෙන ගන්නේ කුමක්දැයි යන්න තීරණය කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි ඔහු පවසා සිටියේ.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහොත්, සමාජය ඉහළ මට්ටමකට ගෙන යාමට හැකිවනු ඇති බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!