ඩඩ්ලි නැත්නං අදත් බත් කනකොට ගල් හැපෙනවා.. අරලිය හෝටලය ඉවත් කිරීම ගැන ලාල් කාන්ත කියයි…

3718

වී මිලදී ගැනීමේ ක්ෂේත්‍රයේදී ඩඩ්ලි සිරිසේන මහතා අවශ්‍ය පුද්ගලයෙක් වුවද වැව් තාවුළුවල හෝටල් ඉදිකිරීමේදී එසේ නොවන බව කෘෂිකර්ම ඇමතික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

මෙවර වැව් තාවුළුවල ඉදිකිරීම් ඉවත් කිරීමට පරාක්‍රම සමුද්‍රය ඇතුළත් කර නැත්තේ මෙම අදියරට වෙන් කර මුදල් ප‍්‍රමාණය අවසන් නිසා බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී සියලුම වැව්තාවුළුවල පිහිටි අනවසර ඉදිකිරීම් ඉවත් කරන බවද පැවසූ තාවුල්ලේ ඉදිකර ඇති සියලු ඉදිකිරීම් ඊට පෙර ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටින බවද කියා සිටියේය.

ඩඩ්ලි සිරිසන මහතාට ඇතැමුන් අපහාස කළ ද ඔහු නොමැති නම් අදටද බත් වල ගල් හැපෙනු ඇති බවද කියා සිටියේය.

ලංකාවේ ජනතාවට බත් කන විට ගල් කැටයක් නොහැපෙන ලෙසට වෙළඳපළට සහල් නිකුත් කළ පුද්ගලයා ඩඩ්ලි සිරිසේන මහතා යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *