BREAKING NEWS
Search

පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්

7296

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරිනු කාන්තාව ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඇය අද (11) උඩුගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෝටර් රථයක් ධාවනය කර ඇති සැකකාර කාන්තාව රථවාහන වරදක් සම්බන්ධයෙන් නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා ඇති අතර එහිදී ඇය පොලිස් අන නොතකා පළාගොස් තිබුණි.

පසුව එම මෝටර් රථය හඹා ගිය පොලිස් නිලධාරීන් උඩුගම්පොළ ප්‍රදේශයේදී එම රථය නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී එම කාන්තාව තමා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ නැගනියක බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කර තිබුණි.

සැකකාරිය කළහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ද පලවී තිබූ අතර පසුව ඇය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර කාන්තාව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ නැගනියක බවට සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බවට අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේ.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අදාළ කාන්තාව අන්තරාදායක හා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය, පොලිස් සංඥා නොතැකීම, සාපරාධී බලහත්කාරය පෑම හා අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ADA DERANA



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!