BREAKING NEWS
Search

කඳුගැට ද්විත්වයක් යා කරමින් ඉඳිවුණු ලොව විශාලම පාලම ගැන දැනගන්න කැමතියිද..?

346

ලෝකයේ විවිධ ඉදිකිරීම ඇත්තටම විශ්මයජනකයි. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.

ඊයේ ජනතා අයිතියට පත්වුණු හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම විශේෂ වෙන්නේ ඇයි කියලා දන්නවාද?

ලොව උසම පාලමට හිමි වාර්තාව හිමිකර ගනිමින් චීනයේ හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම ඊයේ ජනතා අයිතියට පත්වුණා.

අවුරුදු තුනක් පුරා විශාල කඳු දෙකක් යා කරමින් ඉදිවුණු හුවාජියෑන්ග් පාලම ලොව දිගින් සහ උසින් වැඩිම පාලම වෙනවා.

චීනයේ ග්වීජෝ පළාතේ ඉදිකර ඇති මෙම පාලම පහළ ගලා යන ගංගාවට මීටර් 625 ක් ඉහළින් ඉදිවී ඇති අතර, මීට පෙර ලොව උසම පාලමට හිමි වාර්තාව හිමිකරගෙන තිබුණේ ද ග්වීජෝ පළාතේම තවත් පාලමක්. මීට පෙරට එම වාර්තාව හිමිකරගෙන තිබූ පාළමේ උස මීටර 565ක් ලෙසයි වාර්තා වුණේ.

එරට මාධ්‍ය හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම නිල වශයෙන් විවෘත කිරීම ඩ්‍රෝන දර්ශන මගින් සජීවීව විකාශය කළ අතර දැවැන්ත ව්‍යුහය හරහා වාහන ගමන් කරන ආකාරය, එහි නිල් ආධාරක කුළුණු අර්ධ වශයෙන් වලාකුළුවලින් වැසී ඇති ආකාරය ඉන් පෙන්නුම් කෙරුණා.

හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම විවෘතවීමත් සමග එම ප්‍රදේශ දෙක අතර ගමනාගමනයට ගතවූ කාලය පැය දෙකයි විනාඩි දෙකකින් අඩුවී තිබෙන බව පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ෂැං යින් ප්‍රකාශ කළා.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *