BREAKING NEWS
Search

වට්ටක්කා කිලෝව 25ටවත් දෙන්න බෑ.. කිලෝ ලක්‍ෂ ගානක් කුණුවේ..

676

වට්ටක්කා කිලෝව 25ටවත් දෙන්න බෑ.. කිලෝ ලක්‍ෂ ගානක් කුණුවේ..
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙ ගම්මාන රැසක වගා කල කිලෝ ලක්ෂ ගනනක වට්ටක්කා අස්වැන්න අලේවි කර ගැනිමට නොහැකිව ගොවින් දැඩි අසරණතාවයට පත්ව ඇති බව කියයි.

මෙවර යල කන්නයෙ නවගත්තේගම, කොන්කඩවල, ගාමිණිපුර, රත්කිරාගම, සේරුගොඩයාය, හමන්ගල්ලපාර, ඉගිණිමිටිය, කැලේවැව, වෙලේවැව, තරණගගහවැව ඇතුළු ගම්මාන රැසක අක්කර දෙසියකට අධික භුමියක සිය ගනනක ගොවින් අධික පිරිසක් මෙලෙස වට්ටක්කා වගා කර තිබේ.

එසේ වගා කර ඇති වට්ටක්කා කිලෝ ගනන ලෙස ගත් කල කිලෝ ලක්ෂ පහකට වැඩි විය හැකි බව ගොවින් පවසයි.

ගොවින් පවසන්නේ තමන් වගා ආරම්භ කරන සමයෙ වට්ටක්කා කිලෝව රුපියල් 100 කට වැඩි මිළකට ගොවි බිම් වලින් මිළදි ගැනිම සිදුවු බවයි.

නමුත් මෙවර යල කන්නයෙ වට්ටක්කා කිලෝව රුපියල් 25 කටත් අඩු මුදලකට මිළදී ගැනිම සිදුවිමත් සිදුවු වු බවත් මේ වන විට එම මුදලටද මිලදි ගැනිමට නොපැමිණේන බවයි.

දස අත ණය වී අත කණකර උගසට තබා රුපියල් ලක්ෂ ගනනින් වියදම් කර වගා කල වට්ටක්කා වගාවේ අස්වැන්න මෙලෙස නියමිත මිළට අලේවි කර ගැනිමට නොහැකි විමේන් තමන් අන්ත අසරණ වී ඇති බව මෙම වට්ටක්කා වගා කරුවන් පවසයි.

එසේම ගොවින් පවසන්නේ වන අලි ඇතුළු වන සතුන් තම වගාවන් වලට කඩා වැදි සිදුකරන හානි වලක්වා ගැනිමට රාත්‍රි නිදි වරමින් මාස තුනකට වැඩ කාලයක් වැය කරමින් කල වගාව මේ වන විට අලේවි කර ගැනිමට නොහැකි තත්වයක් මතුව නිවෙස් වල කුණු වෙමින් පවතින බවයි.

source – lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!