ඇණේ…
ඔය ශල්‍යාගාර වල තියෙන සමහර උපකරණ වල වටිනාකම රුපියල් වලින් ගත්තොත් ලක්ෂ ගනන් කෝටි ගනන්.
ඕවා රකිනවට අපේ සිස්ටර්ට හම්බ වෙන්නේ 500 වුනාට බඩුවක් අඩු වුනොත් ඉතින් පෙන්සොන් එකෙනුත් ගෙවන්න වෙනවා ඕං…
පිටරට වල නම් ඔය instruments එකක පොඩි හරි ඩැමේජ් එකක් නම් කෙලින්ම කන්ඩෙමින්.සමහර ඒවා සින්ගල් යූස්.ඒත් ඉතිං මේක ලංකාවනේ.ඔය පොඩි පොඩි කෑලි වල දෝශ එනකොටම ඒවා කන්ඩෙමින් දාලා ක්ෂණිකව අලුත් ඒවා ගෙන්නන්න තරම් තාම ලංකාව ආර්ථික අතින් දියුණු තත්වයක නෑ.හැබැයි තියෙන සම්පත් වලින් ලෝකයේ දියුණු රටවල් එක්ක කරට කර වැඩකරන්න පුලුවන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා කියන එක නම් පිලිගන්නම ඕන දෙයක්.
ගොඩක් වෙලාවට ඔය වගේ ශල්‍ය උපකරණ ඩැමේජ් වෙන අවස්ථාවල අපේ අය කරන්නේ පරණ කෑලි වල ඇණ මුරිච්චි ගලවලා හරි අර උපකරණය ගොඩදාගෙන කොහොම හරි ශල්‍ය කර්මය කරන එක.එහෙම නොකලොත් සමහර ශල්‍ය කර්ම සති ගනන් මාස ගනන් ප්‍රමාද වෙන්න ඉඩ තියෙන නිසා.
ඉතින් ඔය වගේ ඩැමේජ් වෙච්ච උපකරණයක් හදන්න ට්‍රයි කරන වෙලාවේ අපේ අලුතින් ආපු ලොකු මහත්තයා අතින් ඒකේ තිබුණ පුංචිම පුංචි ඇණයක් බිමට වැටිච්චි.
හරි…දැන් ඉතින් සේරම වැඩ පැත්තක තියලා හොයපන්කෝ ඇණේ.
මොකද ඒ ඇණේ නැතුව අර උපකරණය පාවිච්චි කරනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවෙයි..කරන්න බැරි වැඩක්…
කොහොම හරි බිම බඩගාලා මේස පුටු අස්සේ රිංගලා හරි අන්තිමට ඇණේ හොයාගන්න පුලුවන් වුනා.
ඔක්කොටම වඩා මේ ඇණේ හොයන්න මහන්සි වුනේ අපේ අලුතින් ආපු ලොකු මහත්තයා.
මොකද ඉතින්
“ඔන්න සර් තමයි ඒක නැතිකරේ” කියලා මිසීලගේ කට කැඩිච්ච කතා අහනවට වඩා ඇණේ හොයාගන්න එක සැප නිසා.😄😃
ප.ලි
ඇණේ හොයන්න මහන්සි වුන හැමෝටමත් ..පසු කාලීන ප්‍රයෝජනය සදහා පින්තූරය ගත්ත මටත් ජය වේවා…😁
✍️ප්‍රභා හිටිනායක







