1. ආපදා තත්ත්වයන් ගැන ලබා දෙන නිවේදන නොසලකා හැරීමෙන් වළකින්න
2. ගංවතුර පවතින ස්ථාන නැරඹීමට යෑම සහ විනෝද වීම
ගංවතුර තත්ත්වයන් ඇතිවූ විට ඒවා නැරඹීමට යාම සහ එම ස්ථානවල විනෝද වීම නොකරන්න.
සෑම විටම අනතුරුදායක මට්ටමින් ඈත්ව කටයුතු කිරීමට පියවර ගන්න.
ගංවතුරට බැසීමෙන් වලකින්න. නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් විවිධ බැක්ටීරියා වර්ග ආසාදනය වීමට ඇති හැකියාව ඉහළ බව සෞඛ්‍ය අංශ පවසයි.
03. ගංවතුරේ පිහිනීම සහ ඔරු පැදීමෙන් වළකින්න
ගංවතුර ඇතිවූ විට ඔරු, පාරු සහ කෙසෙල් කඳන් සහ බැරල් ආදිය යොදා ගනිමින් ඔරු පැදීම මෙන්ම ගංවතුරේ පිහිනීමට යෑම අතිශය භයානක විය හැකිය.
04. විදුලි රැහැන් ඇල්ලීමෙන් වළකින්න
ගංවතුර තත්ත්වය සමග ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල ඇති විදුලි රැහැන් ආදිය ඇල්ලීමෙන් වලකින්න.
05. වාහන ධාවනය හැකිතාක් සීමා කරන්න
ගංවතුර තත්ත්වය සමග බොහෝ පුද්ගලයින් ඒ හරහා වාහන, බස් ආදිය ධාවනය කරන අයුරු දක්නට ලැබේ.
කෙසේ වුවත් අදාළ මාර්ගවල තත්ත්වය සහ ජල මට්ටම ගැන අවබෝධයක් නොමැති වීම හේතුවෙන් ගංවතුර පවතින අවස්ථාවල එලෙස වාහන ධාවනය අනතුරුදායක විය හැකිය.
06. පානීය ජලය සහ ආහාර
- ගංවතුර ඇති අවස්ථාවල ළිං ඇතුළු ජල සැපයුම් මාර්ග අපිරිසිදු විමට ඉඩ ඇති හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කොට උණුකර නිවාගත් පිරිසිදු ජලය හෝ බෝතල් කළ ජලය පමණක් භාවිත කරන්න.
- ආහාර පිසීමට සහ වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමට ගංවතුර භාවිත නොකරන්න.
- ගංවතුරට නිරාවරණය වූ ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් වලකින්න.
- හදිසි ආපදා අවස්ථාවකදී කුමක් ද කළ යුත්තේ ?
-
කාලගුණ බලධාරීන් හා ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත් වීම හා එම උපදෙස් අනුව කටයුතු කිරීම.
ආපදා මල්ලක් සූදානම්ව තබා ගැනීම
ජංගම දුරකතනය චාජ්කර තබා ගැනීම - Source – BBC







