BREAKING NEWS
Search

කොන්දක් ඇති තරුණ පරපුරක් හදන්න දේශපාලකයන්ව පසු පසට යවලා, තරුණ, තරුණියන්ව ඉස්සරහ ඉන්දවපු සජබෙ තරුණ හයිය..!

317

සමගි ජන බලවේගය සංවිධානය කරන තරුණ සමුළු මාලාවේ පළමුවැන්න ඊයේ දිනයේදී කුරුණෑගදී ආරම්භ වූ අතර එහිදී දේශපාලකයන් රැසක් පසුපසට කොට තරුණ, තරුණියන්ව ඉදිරියට ගෙන ඒම මේ වන විට දෙශපාලන ක්ෂේත්‍රය කැළඹීමට ලක්ව තිබෙන බව අපට වාර්තා වෙනවා.

විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුනු මෙම සමුලුවේ විශේෂත්වයක් වූයේ සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීම්වලදී සිදුවන්නාක් මෙන් දේශපාලකයින් ඉදිරිපෙළ අසුන්වල වාඩි නොකොට ඔවුන්ට පසු පෙළ අසුන් ලබා දී තිබීමයි. ඒ වෙනුවට ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ඉදිරිපෙළ අසුන් පනවා තිබුනා.

දස දහසකට ආසන්න තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා එක්ව සිටි අතර සමගි ජන බලවේගයේ තරුණ සංවිධානය වන සමගි තරුණ බලවේගයේ සම සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා ඇතුළු පිරිසක් විසින් මෙය සංවිධානය කර තිබුනා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!