BREAKING NEWS
Search

අගමැතිනි එන්න කලින් කතාව ඉවර කරලා යන්නැයි මට කිවුවා..! – අතිගෞරවනීය මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි

1793

රටේ ආධ්‍යාත්මික සංවර්ධනයෙහිලා වසර 2500ක් තිස්සේ භික්ෂූන් වහන්සේලා සුවිශාල කාර්යභාරයක් ඉටු කළ බව රාජ රාජ මහාමාත්‍යාදීන් තේරුම් ගත්ත ද නූතන පාලකයන්ට එය තේරුම් ගැනීමට නොහැකි වී ඇති බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම සභාවේ මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

“කාලයක් තිස්සේ මේ රටේ විහාරස්ථානවල සේවය සඳහා ත්‍රිවිද හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා තිබුණා. කනගාටුවෙන් වුණත් කියන්න ඕන අද අපට ඒ සේය නෑ. මේක අපේ බලෙන්වත් හාමුදුරුවරු හිඟ කාලා ගත් එකක්වත් නෙමෙයි. වසර දෙදාස්පන්සියක් පුරා මේ ශාසනයට ලැබිච්චි වරප්‍රසාදයක්. අද ඒ වරප්‍රසාදය අපට අහිමි කරලා.

ගල්දූව ආරණ්‍ය සේනාසනේ සීමා මාලකය හදන්න බිලක් එවලා. මොනවාද මේ මෝඩ වැඩ. පහුගිය දවස්වල අගමැතිනිය එන සභාවක මට කතාවක් දාලා තිබුණා. මට කීවා අගමැතිනිය එන්න කලින් කතාව ඉවර කරලා යන්න කියලා. මම කතාව විනාඩි පහෙන් ඉවර කරලා ආවා. නමුත් අපේ රටේ භික්ෂූන් වහන්සේට, ආගමට, පන්සලට හිමි තැන ඒ විදිහටම සුරකින්න ඕන.”

මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි මේ බව ප්‍රකාශ කළේ උත්සව සභාවක් අමතමිනි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!