BREAKING NEWS
Search

මහින්දානන්ද ඇප මත මුදා හැරීමට නියෝග

420
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියම කර ඇති අතර, ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති බවත්, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙන්නේ.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් විමර්ශනවලට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුට නියෝග කර තිබෙනවා.

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *