BREAKING NEWS
Search

අයවැයෙන් යෝජිත පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම ලබා දිය නොහැකියි..!

272

අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසයි.

එහි සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය සඳහන් කළේ, ව්‍යාපාරිකයින්ට බංකොලොත් වූ සිය ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාලයක් අවශ්‍ය බවය.

“අපි ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අයවැයක දාන දත්ත ටිකක් නෙමෙයි. කළ හැකි යම්කිසි වැඩපිළිවෙලක්. රජයේ සේවකයින්ට පඩි වැඩිකරලා දීලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ කාරණයක්. ඒකම පෞද්ගලික අංශයට කරන්න කිව්ව ගමන්ම නිකන් කල්පනා කරන්න රු 21,000ක පඩිය අපේ රු 27,000 දක්වා වැඩි කළ ගමන්ම එතැනම රු 6,000ක වෙනසක් එනවා. පැය 50 – 60ක් අතර OT කරනවා. එතකොට අපි පැයකට රු 210ක් ගෙවනවා. ඒකට විතරක් අපි රු 10,000ක පමණ ප්‍රමාණයක් අපි ගෙවනවා. ඒ එක්කම ETF, ETF එතකොට පඩි කිරීමයි ඔක්කෝම එකතු කරාම රු 15,000කින් පමණ වර්ධනය වෙනවා. ඒක මුලික පඩියෙන් වැඩිවුණාම ව්‍යවසායකයින් ලෙස අපිට ගොඩක් අමාරුයි.”

මාලිමා මන්ත්‍රිනිගේ බොරුව හෙළිවෙයි..!

මේ අතර පසුගියදා පැවති රූපවාහිනි වැඩසටහනකදී මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රිනියක් විසින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම පිළිබඳව හෙළිදරව් කර සිටියාය.
එම අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් අසනු ලැබුවේ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම පිළිබඳව පෞද්ගලික අංශයේ හාම්පුතුන් විසින් එකඟතාවය පළ කරාද.? නැද්ද.? යනුයි.

එහි වීඩියෝව පහතින්,

වාදපිටියේ විපතක් – මාලිමා දෙකක් සජබෙ අජිත් එක මිටට ගනී..! (Video)

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් නවදහසකින් ඉහළ නැංවීමට මෙවර අයවැය මගින් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දෙරණ වාද පිටියේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඊයේ රාත්‍රියේ පැවැති මෙම වැඩසටහනේදී ජාතික ජන බලවේගය වෙනුවෙන් සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සමග මෙම උණුසුම් සංවාදයේ නියැලුනේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතායි.

අජිත් පෙරේරා මහතා දිගින් දිගටම ප්‍රශ්න කළේ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කළේ කවදාද එහිදී හාම්පුතුන් එකඟවූයේද යන්නයි.

නමුත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ආණ්ඩුව පාර්ශවයෙන් නොලැබුණු අතර අවසානයේ මන්ත්‍රීනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය කියා තමන් ඒ ප‍්‍රශ්ණයට පිලිතුරු නොදෙන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!