BREAKING NEWS
Search

කොටහේන සිදුවීම පිටුපස ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්..? – විපක්ෂ මන්ත්‍රීවරයෙක්වත් එවන් චෝදනාවක් එල්ල කර නැ

130

කොටහෙන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ අත්අඩංගුවට ගෙන පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ සැකකරුවන් දෙදෙනා පසුපස, ඔවුන්ම ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සිටින්නේ ඇයි සාකච්ඡාවක් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළේය.

කෙසේ නමුත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එවන් ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් තමන් දැන ගත්තේම එම මොහොතේ බවයි.

වෙනත් කිසිවෙකු එවන් චෝදනාවක් එල්ල කර නැති බවද පැවසූ විපක්ෂය මන්ත්‍රීවරයෙක්වත් එවන් චෝදනාවක් එල්ල කර නැති බවද පැවසීය.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් මේ පසුපස නැති බව තමන්ට සහතිකයක් දිය හැකි බවද පැවසූ ඔහු අනෙක් අය ගැන තමන් නොදන්නා බවද කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *