BREAKING NEWS
Search

ඇල්ලේ බස් රථ අනතුරට හේතුව හෙළිවෙයි… වෙලා තියෙන දේ මෙන්න…

18682

 

මේ ඇල්ල බස් රථ අනතුර ගැන ඇහෙන අලුත්ම කතාව…

පසුගිය 04 වැනිදා රාත්‍රියේ රාවණා ඇල්ල 24 කණුව ආසන්නයේදී සිදු වූ බස් රථ අනතුරට හේතුව රියැදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

මේ අතර අදාළ අනතුරු සිදුවන අවස්ථාවේ බස් රථය ගැටී තිබූ ජීප් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ තරුණයා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරුණා.

ඒ, විසි දෙහැවිරිදි එම රියැදුරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ 24 වැනි කණුව ආසන්නයේදී බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වුණේ පසුගිය 04 වැනිදා රාත්‍රියේයි.

අනතුරින් බස් රථ රියැදුරු, තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු හා දරුවන් දෙදෙනෙකු ඇතුළු 15 දෙනෙකුට දිවි අහිමි වුණා.

එහිදී අදාළ බස් රථය රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක ගැටී ඊට පසු අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණේ අනපේක්ෂිත අයුරින්.

අනතුරත් සමග අදාළ ජීප් රථය පැදවූ මොණරාගල බුත්තල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

අදාළ අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථය තුළ රථය පැදවූ තරුණයාගේ සහෝදරයින් දෙදෙනෙකු ද ගමන් කර ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව තිබුණේ නැහැ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට වැඩිදුරටත් ප්‍රකාශ ලබා දෙමින් රථය පැද වූ තරුණයා තවත් කරුණු රැසක් පොලිසිය හමුවේ පවසා තිබුණා.

අදාළ තරුණයා පසුගිය 6 වැනිදා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට පියවර ගෙන තිබුණා.

අදාළ බස් රථ අනතුරට හේතුව රියැදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය බවට මේ වනවිට කරුණු අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!