රුවන්වැලි සෑය අභියස ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයේ යෙදී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට ගෙන තිබේ.
රාජාංගනයේ සද්ධාරතන නායකත්වයෙන් යුත් පිරිසක් සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුව උන්වහන්සේලාව මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.
පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් අනුරාධපුර සත්‍යග්‍රහය භූමියේ ආරම්භ කළ මාරාන්තික උපවාසය අද දෙවැනි දිනටත් පැවැත්වුණි.
එහිදී භික්ෂූත්වයෙන් නෙරපන ලද රාජාංගණයේ සද්ධාරතන නමැත්තා ඇතුළු පිරිසක් උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණීමත් සමඟ දෙපිරිස අතර ගැටුමක් හටගත්තේය.
ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පසුගියදා රාමාඤ්ඤ නිකාය මඟින් විනය පරීක්ෂණයක් පවත්වා චීවරයෙන් නෙරපූ රාජාංගණයේ සද්ධාරතන නමින් හඳුන්වාගන්නා තැනැත්තාගේ ඔළුවට පොලු ප්‍රහාරයක් එල්ලවීමෙන් තුවාල ලැබීය.
ඉන් අනතුරුව එම ස්ථානයට පොලීසිය පැමිණ කස්සප හිමි ඇතුළු පිරිස උපවාසය සිදුකළ අට්ටාලය ගලවා දැමීමට උත්සාහ කිරීමත් සමඟ යළි උණුසුම් තත්ත්වයක් ඇති වුණි.







