BREAKING NEWS
Search

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ගේන්න මැලේසියා ගිය පොලිස් කණ්ඩායම හිස් අතින් ආපසු එයි…!

2521

කෙහෙල්බද්දර පද්මේ, ඔහුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත යන තිදෙනා මැලේසියාවේ සිට තායිලන්තය බලා බෝට්ටුවකින් පලායමින් සිටියදී පසුගිය ජූලි 9 වන දින මැලේසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

මෙම පුවත මෙරට පොලීසිය විසින් පසුව තහවුරු කරන ලදී.

ඒ අනුව, ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මැලේසියාවටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර හැරීමට පියවර ගැනුණි.

කෙසේ වෙතත්, නවතම පොලිස් ආරංචි මාර්ග අනුව, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අත්අඩංගුවට ගත් තිදෙනා මැලේසියානු පොලිස් භාරයෙන් පලා ගොස් ඇත.

ඒ අනුව, ඔවුන් ගෙන්වා ගැනීමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේදී නැවත මෙරටට පැමිණීමට නියමිත බව ද වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *