BREAKING NEWS
Search

ජනපති හා කාන්තාවක් ගැන වීඩියෝ, පින්තූර පල කිරීම ගැන රහස් පොලිසියට පැමිණිල්ලක්…!

827

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්ති නාමයට අපහාස වන අයුරින් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වන වීඩියෝ සහ පෝස්ටු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

අද දිනයේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසිනි.

කාන්තාවක් හා ජනාධිපතිතුමන් සම්බන්ධයෙන් සමාජ ජාලාවල හුවමාරු වන වීඩියෝ සහ පින්තූර සහ ඇතුළු සටහන් සම්බන්ධයෙන් සුදුසු විමර්ශනයක් කරන ලෙස තමන් ඉල්ලා සිටි බව ඔහු එහිදී මාධ්‍ය අමතමින් පැවසුවේය.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම පැමිණිල්ල තමන් විසින් කරන ලද බව ද මෙම පුවත් වාර්තා කරන ලද සමාජ ජාලා ගිණුම් හා අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!