දික්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළින් ජලභීතිකාව තුරන් කරන්නේ කෙසේද…?
මම පශු වෛද්‍යවරයෙක් වගේම දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිසා මේ ප්‍රශ්නය ගොඩක් අය මගෙන් අහනවා..
ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න දැන් වෙලාව හරි කියලා මට හිතෙනවා.
වැඩේට අවශ්‍ය වටපිටාව හදාගන්න යම්කිසි කාලයක් ගන්න ඕන වුණු නිසා මේක ලියන්න ටිකක් පරක්කු කරා.
වැඩේ වෙන්නේ මෙහෙමයි….
අපේ රටේ සුනඛ ගහනය ගත්තම මේකේ ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා..
1) හිමිකරුවන් ඉන්න සුනඛයින්
2) හිමිකරුවන් නැති එසේත් නැතිනම් වීදි සුනඛයින්..
ජලභීතිකාව තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න වෙන්නේ මේ දෙගොල්ලන්ට ආකාර දෙකකට.
හිමිකරුවන් ඉන්න සුනඛයින්ගේ පැටවුන් මහ පාරට ගෙනත් දාන තත්ත්වය නතර කරන තෙක් අපට මේ වැඩේ කවදාවත් ඉවර කරන්න වෙන්නේ නෑ..
ඒ නිසා නිවෙස් වල ඉන්න සියලුම සුනඛයින් වන්ද්‍යාකරණය කරන්න අපි වැඩසටහනක් හදනවා..
ඒ වගේම ඒ සතුන් සියලු දෙනාටම ජලභීතිකා එන්නත් ලබා දෙන්න කටයුතු කරනවා.
ඔවුන්ට ඵෙට් Oව්නෙර්ශිප් කාඩ් පතක් ලබාදීම වගේම අයිතිකරු සහ සුනඛයා හඳුනා ගැනීමට මිcරොචිප් එකක් ලබා දීමට කටයුතු කරනවා..
මහ පාරට සහ අනෙකුත් පොදු ස්ථානවලට බලු පැටවුන් එකතු වෙන එක නතර කරන්න අපි ඔවුන් වෙනුවෙන් සුනඛ සුරකුම් මධ්‍යස්ථානයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා… එම නිවහන තුළ ඔවුන්ට අවශ්‍ය ආහාර ඖෂධ ආදී පහසුකම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා..
ඒ වගේම ඒ සතුන් සියලු දෙනාම වන්ද්‍යාකරණය කරනවා…
ඒ සියලුම දෙනාට ජලභීතිකා එන්නත් ලබා දෙනවා..
නමුත් අපි මූලික අදියරේදී මේ මධ්‍යස්ථානයට රැගෙන එන්නේ හිමිකරුවන් නැති පැටවුන් විතරයි….
ඉන්පසුව පාරවල්වල සහ පොදු ස්ථානවල ඉන්න සපාකන සහ බයිසිකල් වලට/වාහන වලට පනින වැනි මහජනතාවට පීඩාවක් ගෙන දෙන සතුන් එම ස්ථාන වලින් ඉවත් කර මේ මධ්‍යස්ථානයට රැගෙන ඒමට කටයුතු කරනවා….
කොහොම වුණත් පොදු ස්ථානවල හෝ පාරේ සිටින කාටවත් කරදරයක් නැති අහිංසක සුනඛයින් ඒ තැන්වලම සිටීම ගැටලුවක් නෙමෙයි කියලා හිතනවා..
ඒ උනත් ඒ සියලු දෙනාටම ජලභීතිකා එන්නත් ලබා දෙනවා..
එම සතුන් සියලු දෙනාම වන්ද්‍යාකරණය කරන්න කටයුතු කරනවා.
මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හරහා වසර කීපයක් තුළදී අපිට දික්වැල්ලෙන් ජලභීතිකාව තුරන් කරන්න පුළුවන් බව ස්ථිරයි…
දැන් පාරේ ඉන්න සුනඛයින් සහ ගෙවල් වල ඉන්න සුනඛයින් සියලුම දෙනාම වන්ද්‍යාකරණය කළාට පස්සේ ගෙදර හදන්න බලු පැටියෙක් ලබාගන්නේ කොහොමද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වේවි….
ඒ වෙනුවෙන් සුනඛ අභිජනන මධ්‍යස්ථාන සඳහා අවසර පත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.. අභිජනනය කළ හැකි සතුන් සිටිය හැක්කේ එවැනි අවසර පත් හිමි කෙනෙකු ළඟ පමණයි…
අනිත් කරුණ තමයි අවශ්‍ය අයට අපේ සුනඛ සුරකුම් මධ්‍යස්ථානයෙන් බලු පැටවුන් ලබාගන්න පුළුවන්…
ඒ වගේම තමයි සත්ව කරුණාව තියෙන සතුන්ට ආදරේ ඕනෑම කෙනෙකුට අපේ සුනඛ සුරකුම් මධ්‍යස්ථානයේ සතුන්ට අවශ්‍ය ආහාර ඖෂධ ආදිය ලබාදීමට දායක වීමට අපි අවස්ථාව ලබා දෙනවා…..
දික්වැල්ලෙන් පටන් ගන්න මේ වැඩසටහන ලංකාව පුරාම ව්‍යාප්ත වේවි කියලා බලාපොරොත්තු වෙනවා.
මේ අතර එම සටහන සඳහා පරිශීලකයෙක්ද වටිනා යෝජනාවක් මෙලෙසින් එක්කර තිබුනා..එය පහතින්,
රටකින් ජලභීතිකා රෝගය තුරන් කිරීමට:
1- වසර දෙකක් අඛණ්ඩව රටේ සිටිනා සුනඛ ගහණයෙන් 80% ට ජලභීතිකා එන්නත දී, ගහණ ප්‍රතිශක්තිකරණය (Herd Immunity) ලබාගත යුතුය.
2- තිරසාර ගහණ පාලනයක් ලබානොදෙන සුනඛයන් මරා දැමීම හෝ අනාථාගාරවලට ගාල්කිරීම නොව, නිත්‍ය වශයෙන්ම ගහණ පාලනයක් ලබාදෙන වන්ද්‍යාකරණට සුනඛයන් බදුන්කල යුතුය.
වැදගත්: සුනඛයන්ව වන්ද්‍යාකරණය කළහැක්කේ පශුවෛද්‍යවරුන්ට පමණක් බැවින්, මෙම කර්තව්‍ය කිරීමට, දිවයින පුරහවටම විහිදී ඇති විශාලම පශුවෛද්‍ය කණ්ඩායම සිටිනා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට (DAPH) සුනඛයන් වන්ද්‍යාකරණය භාරදිය යුතුය.
3- වගකීමකින් සුනඛයන් සෑදීමේ* සමාජ වගකීම අරමුණු කරගෙන,
(අ) සුනඛ සපාකෑම් 98%ක්ම කරන්නේ අයිතිකරුවන් ඉන්න සුනඛයන් විසින් නිසා, ඒ සතුන්ට වාර්ෂිකව කලයුතු ජලභීතිකා එන්නත්කරණ තහවරු කරගැනීමට හා,
(ආ) වන්ද්‍යාකරණය මගින් “බිංදු වර්ධණය” (zero growth) දක්වා අඩුකරගත හැකි ගහණ වර්ධණය ආපස්සට හරවන්නේ සුනඛහිමියන් සතුන් අතහැර දැමීම නිසා බැවින්ය.
4- ජලභීතිකා රෝග මර්ධනයේදී විශාලම මුදල වැයවෙන්නේ සතෙක් සපාකෑ පසු මරණය වළක්වන්න ලබදෙන එන්නත් (Post-Exposure Prophylaxis = PEP) බැවින්, එම වියදම අවම කරගැනීම සදහා සුනඛ අයිතිකරුවන්ව දැනුවත්කර, තම සුනඛයාගේ වාර්ෂික එන්නත් හා තමන්ට දී ඇති PEP වාර්තා රෝහල් වලට ඉදිරිපත් කිරීම නයිතිකව බලාත්මක කල යුතුය.
5- සුනඛ එන්නත්කරණයට; සුනඛ වන්ද්‍යාකරණට; නිරීක්ෂණයට හා පසුවිපරමට, හා දත්ත රැස්කිරීමට; හා මහජනයා දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන දීමෙන්, ලංකාවෙන් ජලභීතිකාව තුරන් කිරීම වසර 2-5ක කාලයක් ඇතුලත කිරීමට අවශ්‍ය දේශපාලනික කැපවීම කලයුතුය.







