BREAKING NEWS
Search

ජවිපෙ ලොක්කන් ගොඩක් දැන් පදින්නේ V8 – පා.මන්ත්‍රි රාමනාදන් අර්චුනා

213

අද වන විට ජනාධිපතිගේ සිට ජවිපෙ නායකයන් බහුතරයක් භාවිත කරන්නේ V8 වාහන බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව තමන් නියෝජනය කරනු ඇතැයි විශ්වාස කරන පාක්ෂිකයන් ඒවා නොදන්නා බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා පවසයි. ඔහු පැවැසුවේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා භාවිත කරන වාහනය වෙන කිසිවකුටත් නොමැති බවයි.

මන්ත්‍රිවරයා සඳහන් කළේ කැබ් රථ ගෙන් වීම නතර කළ යුතු බවත් එකවර මන්ත්‍රි ඇමැති වූ පමණින් සුපිරි ඝනයේ වාහන අවශ්‍ය නොවන බවත්ය.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ බොහෝ දෙනෙක් V8 වාහනවල යන බවත් තමාට නම් දේශපාලනය කිරීමට එවැනි සුපිරි වාහන අවශ්‍ය නොමැති බවත් ඔහු කීය.

පසුගිය මස රුපියල් ලක්ෂ හතරක තම වැටුපෙන් ජනතාවට භාණ්ඩ බෙදූ බවද පැවැසූ මන්ත්‍රිවරයා සඳහන් කළේ විපතට පත් ජනතාවට මුදල් අවශ්‍ය නම් තමාට ඩයස්පෝරාවෙන් මුදල් ඉල්ලා දිය හැකි බවයි.

කෙසේ නමුත් මුදල් ඇති තරම් තිබෙන බව ආණ්ඩුව අවස්ථා කිහිපයකම පැවැසූ හෙයින් එම අදහස තමා ඉවත් කර ගත් බවද රාමනාදන් අර්චුනා මහතා වැඩිදුරටත් කීය.

අනුරාධා හේරත්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!