BREAKING NEWS
Search

වෙ,ඩි ප්‍රහාර මැද්දේ නොසැලී රට වෙනුවෙන් ක්‍රීඩා කර පකිස්තානය දිනවූ නසීම් ෂාහ්

1632

තරගය ආරම්භ වීමට පෙර දින රෑ වෙ….ඩික්කරුවන් විසින් තමන්ගේ පවුලේ අය සිටි නිවසට වෙ…ඩි තියනවා.
භීතියට පත් වූ පවුලේ උදවිය සමග ලගින්ම සිටියයුතු අවස්ථාවක් වුනත් ඔහු ඒ වෙලාවේ අදාල නීතිමය කටයුතු වලට පමණක් සම්බන්ධ වෙලා සියලු ප්‍රශ්න දරාගෙන පහුවදා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න පිටියට බහිනවා.

තරගයේ පකිස්තානයට තීරණාත්මක කඩුල්ලක් වෙච්චි ජනිත් ලියනගේ කඩුල්ල ඔහු ලබා ගන්නවා.
එතැනින් නැවතුනේ නැ…

අවසන් පන්දුවාර දෙකට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සදහා ලකුණු 22ක් පමණක් අවශ්‍යව තිබියදී අර්ධ ශතකයක් රැස් කරමින් ලකුණු අතර හිටපු වනිඳු හසරංගව 49 වෙනි පන්දුවාරයේදී දවාගෙන ලකුණු 2කට එම පන්දුවාරය යොමු කරලා සම්පූර්ණයෙන්ම තරගය පකිස්තානය වෙත හරවන්න ඔහු සමත් වෙනවා.

නසීම් ශාහ්…💚

තමන්ගේ අම්මා ජීවිතයෙන් සමු අරන් පැය 24ක් යන්නත් කලින් සියලු වේදනා දරාගෙන රට වෙනුවෙන් තමන්ගේ මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගය ක්‍රීඩා කරපු හිත හයිය කොල්ලෙක්..

එහෙම එකෙක්ව නවත්වන්න කොහෙවත් යන වෙ…ඩිල්ලකට පුළුවන්ද මචං…🙏

✍️ සටහන: Rishie Bro
🏏 ක්‍රීඩා මාධ්‍යවේදී
🌐 www.ApeRata.net




Leave a Reply

Your email address will not be published. Required fields are marked *