BREAKING NEWS
Search

ජෝන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගැනේ

1719

 

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් ත්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව  (30) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ නඩු විභාගය පැවැත්විය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ සතොස හිටපු මූල්‍ය ප්‍රධානී නිමේෂා සංජීවනි මහත්මියගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර තිබේ.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 16 වනදා දක්වා කල් තබා ඇත.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවයේ නිරත වූ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකිර් යන අයට එරෙහිව අල්ලස්කොමිසම මෙම නඩුව ගොනු කර තිබුණි.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!