BREAKING NEWS
Search

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා කොළඹ අපරාධ කොට්ඨාශයට..!

835

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් ඊයේ රාත්‍රී දිවයිනට රැගෙන එනු ලැබිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ, ඇය ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ටාසය වෙත භාර දී ඇති බව ය.

එක් සැකකරුවෙකු ගම්පහ දිසා අපරාධ කොට්ටාසයට ත් තවත් සැකකරුවෙකු පෑලියගොඩ අපරාධ කොට්ටසය වෙතටත් භාර දුන් බව ඔහු පැවසීය.

ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඇති මුහුණ හඳුනා ගැනීමේ ස්කෑන් පරීක්ෂාවේදී (Facial Recognition) ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ අනන්‍යතාව තහවුරු කර ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!