BREAKING NEWS
Search

නාවික හමුදාව සොයාගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 5ක් අත්අඩංගුවට..!

349

දකුණු වෙරළට ඔබ්බෙන් පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ජාවාරම සඳහා භාවිතා කළ බෝට්ටුව ද විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.

(14) සොයාගත් එම මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670 ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156 ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 12 ක් තිබී ඇත.

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් ප්‍රමාණයක් සොයාගෙන තිබුනේ ඊයේ දිනයේය.

එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බව පොලීසිය පවසයි.

මීට අමතරව හෂීස් කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගු බව වාර්තා වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *