BREAKING NEWS
Search

මරුටියකින් ලැම්බෝගිනියක් හැදූ කේරළ තරුණයා.

2778

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තරුණයෙකු විසින් ඉවතලන කොටස් යොදා ගනිමින් නිර්මාණය කරන ලද ලැම්බෝගිනි හුරකේන් (Lamborghini Huracan) මෝටර් රථයක අනුරුවක් මේ වන විට අන්තර්ජාලය පුරා දැඩි කතාබහට ලක්ව තිබේ. මිල අධික තාක්ෂණික උපාංග වෙනුවට, ඉවතලන ද්‍රව්‍ය සහ වසර ගණනක කැපවීම තුළින් මෙම නිර්මාණය බිහිවීම එයට හේතුවයි.

මෙම අපූර්ව නිර්මාණය පිටුපස සිටින්නේ කේරළයේ බිබින් චාකෝ නම් තරුණයා වන අතර, සිය සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා ඔහු වසර තුනක කාලයක් කැප කර ඇත.

මෙම මෝටර් රථයේ බඳ (body) නිර්මාණය කර ඇත්තේ ෆයිබර්ග්ලාස් සහ මල්ටිවුඩ් යොදා ගනිමින් වන අතර, එහි හැඩය සැබෑ ලැම්බෝගිනි රථයකට බෙහෙවින් සමාන වන සේ සූක්ෂමව සකසා තිබේ. විශේෂත්වය වන්නේ මෙහි චැසිය සම්පූර්ණයෙන්ම අතින් නිමවා තිබීමත්, බලගැන්වීම සඳහා සුපිරි මෝටර් රථ එන්ජිමක් වෙනුවට මරුටි 800 වර්ගයේ එන්ජිමක් සහ මරුටි ඇල්ටෝ රථයක රෝද භාවිත කර තිබීමත් ය.

බිබින් චාකෝ විසින් මෙම මෝටර් රථය ගොඩනැඟීමේ සම්පූර්ණ ක්‍රියාවලිය ‘BC CUSTOMS’ නමැති සිය යූටියුබ් නාලිකාව ඔස්සේ වීඩියෝ මාලාවක් ලෙස ඉදිරිපත් කර ඇත. ‘Homemade Supercar’ නමින් කොටස් නවයකින් සමන්විත එම වීඩියෝ මාලාව මේ වන විට අන්තර්ජාලය තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!