BREAKING NEWS
Search

වන අලින්ගේ ආරක්ෂාවට STF යොදවන්නැයි වනජීවී දෙපාර්තමේන්තුව ඉල්ලයි..!

3324

වන අලින්ගේ ආරක්ෂාවට STF යොදවන්නැයි වනජීවී දෙපාර්තමේන්තුව ඉල්ලයි..!

වන අලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ප්‍රදේශීය පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාදෙන මෙන් වනජිවී දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ නිවේදනයක් නිකුත් කරමින්.

එමෙන්ම සිදුව ඇති වන අලින්ගේ මරණ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ SOCO කණ්ඩායම් වල සහාය කඩිනමින් ලබා දෙන ලෙසයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ මියගිය වන අලීන් අතරින් එක අලියකු සම්බන්ධයෙන් 2025.02.03 වන දින වනජීවී නිලධාරී වෙත පළමුවරට වාර්තාවී ඇති අතර ඒ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර විමර්ශන සිදුකරමින් පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

සෙසු වන අලි දෙදෙනා වන රක්ෂිතය තුළම මියගොස් ඇති බවට වාර්තා වන අතර ඉන් එක් සතෙකු ඇතෙකු බවට සඳහන් වෙනවා.

එම ඇතාගේ දළ යුගල කිසිවෙකු විසින් ගලවාගෙන ගොස් ඇති බවට වාර්තා වන බවයි එම නිවේදයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මෙම වන අලින් දෙදෙනා වනජීවී නිලධාරීන් විසින් 2025.07.22 වනදා පළමු වරට නිරීක්ෂණය කර තිබෙනවා.

ගල්ගමුව ප්‍රදේශයේ මියගිය වන අලියා සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

එම නිවේදනය පහතින් දැක්වේ.

වන අලින්ට වෙඩි තැබීම මගින් සිදුවන හානි අවම කර ගැනීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයෙන්ද නිවේදයක් නිකුත් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!