BREAKING NEWS
Search

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුලින්ම O/L පැවැත්වෙන වසර මෙන්න. අගමැතිනිය කී කතාව

2097

විභාගය සමත්, අසමත් බව මත අධ්‍යාපනය මැනීමට පුරුදු වී ඇති ක්‍රමය වෙනස් කිරීම සඳහා මොඩියුල ක්‍රමය හඳුන්වා දී ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

එම ක්‍රමය තුළින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තම රජයේ අරමුණ බවයි 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සියලු මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අගමැතිවරිය සඳහන් කළේ.

මේ වන තෙක් පුරුදු වී ඇත්තේ ගුරුවරුන්, දෙමාපියන් සහ ළමුන් විභාගයකට සූදානම් වන අධ්‍යාපන ක්‍රමයකට බවද, මොඩියුල ක්‍රමයේදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ළමයින් ඉගෙන ගැනීමට යොමු වන අතරම, ඇගැයීමටද ලක් වන බවද අගමැතිවරිය සඳහන් කළා.

නව විෂය නිර්දේශය අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ 2029 වර්ෂයේදී බවත්, 2026 සිට මෙය ක්‍රියාත්මක කරන්නේ 01 වැනි ශ්‍රේණියට සහ 06 වැනි ශ්‍රේණියට පමණක් බවත් අගමැතිවරිය සඳහන් කළා.

මේ ක්‍රමය නිරීක්ෂණය කිරීමට අවුරුදු 03ක කාලයක් පවතින බවද, එහිදී මුහුණ දීමට සිදුවන තත්ත්වයන් සහ අවශ්‍යතා අනුව මේ ක්‍රමයේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට හැකි බවයි ඇය පවසා සිටියේ.

පන්ති කාමරය තුළ ළමයින් 25 – 30 දක්වා අඩු කිරීමට අවශ්‍ය බවත්, ඉදිරියේදී පාසල්වලට ඇතුළත් වන්නේ අදාළ නියමිත සිසුන් ප්‍රමාණය පමණක් බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!