වසරක් ඇතුළතදී රුපියල් කෝටි 24ක් අයථා වත්කම් ඉපවුයේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සැකකරු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.
සැකකරුට රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.
විමර්ශනයන්ට සහාය දක්වන සහ මහාධිකරණයේ නඩු කිහිපයකට මුහුණ දෙන සැකකරුගේ දියණිය මෙවර සාපෙළ විභාගයට මුහුණ දෙන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඇප ලබාදෙන්නැයි ඔහුගේ නීතිඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීම් සහ අනෙකුත් කරුණු සලකා බලා මෙම ඇප නියම කෙරිණි.
විමර්ශන ප්‍රගතිය අගෝස්තු 25 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.
සැකකාර හිටපු මන්ත්‍රීවරයා විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රීව සිටියදී බිරිඳ දරුවන් සමඟ පුද්ගලික විදේශ සංචාර 27 ක නියැලීම,ආදායම් සහ ලැබීම් ප්‍රමාණය අභිබවා රුපියල් 243,850,942.23 ක මුදලක් වැයකර තම ආදායමේ අභිබවා වියදම් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම ඇප නියම කෙරිණි.
හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනාට ඇප..!
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුතුන් දෙදෙනාට සහ සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයාට හා හිටපු ප්‍රවාහන කළමනාකරුට මීගමුව මහාධිකරණය මගින් ඇප ලබා දී තිබේ.








