මේ තරම් සීතලක් දරාගන්න මනුස්සයෙකුට ජීවත් වෙන්න පුළුවන් කියලා සමහර විට ඔබ විශ්වාස කරන්නෙත් නැතිවේවි.
ඔයිමියාකොන්, රුසියාවේ පිහිටා ඇති මේ පුංචි ගම්මානයේ උෂ්ණත්වය ශීත කාලයේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක -50°C පමණ වෙනවා.
ඉතිහාසයේ මෙහි වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය සෙල්සියස් අංශක -71.2°C ලෙස සටහන් වෙනවා. ආක්ටික් කලාපයට ඉතා ආසන්නව පිහිටා ඇති මෙම ගම්මානයේ මිනිසුන් ස්ථිරව පදිංචි වී සිටින ලොව එකම සීතල ප්‍රදේශය ලෙස විටෙක ගිනිස් වාර්තා අතරටත් එක්ව තිබෙනවා.
මෙහි සාමාන්‍ය ජනගහනය පන්සියත් – අටසීයත් අතර ප්‍රමාණයක් වන අතර, ඔවුන් වසරේ වැඩි කාලයක් ජීවත් වන්නේ හිමෙන් වැසුණු පරිසරයකයි.
මෙහි පවතින අධික සීතල නිසා මිනිසුන් විවිධ අභියෝග රැසකට මුහුණදෙනවා. ගෘහ ජීවිතය, ආහාර රටාව වගේම ඔවුන්ගේ අවශ්‍යතා උවමනා පවා සැකසී ඇත්තේ මේ ශීත අධික පරිසරයට ඔරොත්තු දෙන ලෙසයි.
මේ ප්‍රදේශයේ කිසිම වර්ගයක එළවළු හෝ දාන්‍ය වර්ගයක් වගා කළ නොහැකි අතර, ඔවුන්ට අයිස්වල මිදුරු මස් මාංශ පමණක් අනුභව කිරීම සිදුකරනවා.
පවතින අධික ක්ෂේත්‍ර නිසා විනාඩි 15කට වඩා වැඩි කාලයක් එළිමහනේ ගත කරන්නේ මෙම මිනිස්සුන්ට අවස්ථාව සැලසෙන්නේ නැහැ. මොකද පවතින සීතල නිසා මොවුන්ගේ හම පිළිසීමකට ලක්වනවා, මේ පිළිසීමෙන් ආරක්‍ෂාවන්ට දිනකට මොවුන් ඇඳුම් තට්ටු විස්සක් පමණ ඇඳ සිටින බවයි, දැනගන්නට ලැබෙන්නේ.
මේ ඇඳුම් බහුතරයක් නිර්මාණය කරන්නේ පිනි මුවන්ගේ සම් වලින්. මේ ප්‍රදේශයේ නිවාසවලට වතුර බට යොදන්නේ නැහැ.
මොකද ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඒ සියලු වතුර අයිස් බවටපත්වෙනවා. කොහොම වුණත් මේ අධික සීතල දරාගෙන ඔයිමියාකොන් ගම්මානයේ මිනිසුන් ගෙවා දමන්නේ අධික කටුක ජිවිතයක්







