BREAKING NEWS
Search

ලක්‍ෂ 96කින් නව කොස් අලෙවි කුටි 21ක් ජනතා අයිතියට…

121

 

“Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ “Dimbulgamuwa Jack & Chill” ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නවීන කොස් අලෙවි කුටි 21ක් ඊයේ (23) දින විවෘත කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය හරහා දිඹුල්ගමුව ප්‍රදේශයේ කොස් අලෙවිකරුවන්ට වඩාත් විධිමත් සහ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක වෙළඳ කටයුතු සිදු කිරීමට අවස්ථාව සලසා තිබේ.

A9 ප්‍රධාන මාර්ගයට ආසන්නව, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 9.6ක මුදලක් වැය වී ඇත.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අලෙවි කුටි ජනතා භාවිතයට පත් කෙරිණි.

මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් හේමන්ත සහ සුනිල් බියන්විල යන මහත්වරුන් ද සහභාගී වූහ.

එමෙන්ම පල්ලේපොල ප්‍රාදේශීය සභා සභාපති ඩී.බී. කොස්වත්ත මහතා, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් චාන්දනී ඒකනායක මෙනවිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.(ape rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!