BREAKING NEWS
Search

අරගලය නිසා හානි වු ඥානක්කගේ නිවසටත් මිලියන 28ක වන්දියක්…

318

අරගලයෙන් ගිනි තැබූ ඥාණක්කාගේ නිවසට රජයෙන් මිලියන 28ක වන්දියක්..
2022 වසරේදී මෙරට ඇති වූ අරගල සමයේදී දෛවඥ ඥාණක්කාගේ නිවසට සහ සිද්ධස්ථානයට සිදු වූ හානි සඳහා හිටපු රජය රුපියල් මිලියන 28 ක වන්දියක් ගෙවා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට ගෙවන ලද රුපියල් මිලියන 1,221 ට අමතරවල පසුගිය රජය පළාත් පාලන දේශපාලනඥයින්ට වන්දි වශයෙන් රුපියල් මිලියන 1,121 ක් ගෙවා ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

පසුගිය පාලන සමයේදී ජනාධිපති කොමිෂන් සභා 14ක් පත් කර ඇති බවත්, මෙම කොමිෂන් සභා සඳහා රුපියල් මිලියන 530.1ක් වැය කර ඇති බවත් ඔහු පැවසීය

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!