BREAKING NEWS
Search

ඉන්ධන පිරවුම්ල් ඉදිරිපිට තෙල් පෝලිම් – කිසිදු ඉන්ධන හිඟයක් නෑ – සංස්ථාවෙන් ප්‍රකාශයක්

30

දිවයිනේ ප්‍රදේශ රැසක මෙවන විට ඉන්ධන පිරවුම්ල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් ඇති වී තිබේ. ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත් වන බවට තෙල් බෙදුම්කරැවන් විසින් කරන ලද දැනුම්දීම මතයි.

ඔවුන්ට මෙතෙක් කල් ලබා දෙන ලද සියයට තුනක දීමනාව අත්හිටුවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී තිබේ. මේ අතර ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ඉන්ධන කිසිදු හිඟතාවයක් රට තුළ නොමැති බවත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙන බවත්ය.

කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවට සංස්ථාවෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව එම සංස්ථාව පවසයි.

ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු ඩීසල් රුපියල් 286, සූපර් ඩීසල් රුපියල් 331 සහ භූමිතෙල් රුපියල් 183 යන මිල ගණන් යටතේම අලෙවි කිරීමට පියවර ගන්නා බව එම සංස්ථාව පවසයි.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද සිය ඉන්ධන මිල ගණන් වෙනස් නොකරන බව නිවේදනය කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *