BREAKING NEWS
Search

තලාව බස් රථ අනතුරින් 6 ක් මරුට…

5945

අනුරාධපුර, තලාව ජයගඟ හන්දිය ප්‍රදේශයේදී අද (10) දහවල් සිදුවූ බිහිසුණු බස් රථ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලීසිය තහවුරු කරයි.

තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරට ලක්වූ බස් රථය තුළ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ද සිට ඇති අතර,

මියගිය පුද්ගලයින් හය දෙනා අතරින් එක් අයෙකු උසස් පෙළ සිසුවෙකු බව වාර්තා වේ.

අනතුර සිදුවූ විගස තුවාලකරුවන් තලාව සහ තඹුත්තේගම යන රෝහල් වෙත කඩිනමින් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. බස් රථය තුළ මගීන් 40කට අධික සංඛ්‍යාවක් ගමන් කර ඇති බැවින් තුවාල ලැබූවන් තවදුරටත් රෝහල් වෙත රැගෙන එමින් පවතින බව වාර්තා වේ.

තුවාලකරුවන් මේ වනවිට අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇති අතර, බස් රථය ගමන් කර ඇති ඉතා පටු මාර්ගයේ දී යතුරුපැදියකට ඉඩ ලබාදීමට යෑමෙන් මෙලෙස බසය පෙරළී ගොස් ඇතැයි සිදුවීම ඇසින් දුටුවන් පැවසීය.

කලාප කාර්යාලය මඟින් සංවිධානය කළ සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ගිය සිසුන් සහ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් තුවාල ලැබූ පිරිස සිටී.

අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Source by Gossip Lanka News.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *