BREAKING NEWS
Search

මැදපෙරදිග සැගව ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7 දෙනෙක් භාර වෙන්න කැමති වෙලා.. – මහජන ආරක්ෂක ඇමැති කියයි

617

මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් 07දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ වනවිට පැවත්වෙන විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රජයට භාර වී මෙම නීති විරෝධී ජාවාරම්වලින් ඉවත් වීමට සූදානම් බවට කියා සමාව ඉල්ලා ඇති බවයි.

මේ අයගේ නම් ඇමතිවරයා සඳහන් කරේ නැත.

රජය සතු ඉලක්ක සපුරා ගැනීම සඳහා තමන් සූදානම් බවද හෙතෙම එහිදී අවධාරණය කර සිටියේය.

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!