BREAKING NEWS
Search

මන්ත‍්‍රීලා දහයක් ඉල්ලා අස්වෙන්න යයි…

11700

ලබන වසරට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින්, ප්‍රධාන අමාත්‍ය ධුර අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා දේශපාලන පක්ෂ ගණනාවක් අතර තරගයක් නිර්මාණය වී ඇත.

මෙම තනතුරු සඳහා දැඩි උනන්දුවක් දක්වන අය අතර වැඩි දෙනෙක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයකි.

ඔවුන් දැනටමත් අදාළ පක්ෂ නායකයන් වෙතින් තමන්ට ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය පිරිනමන ලෙස පෞද්ගලිකවම ඉල්ලා ඇත.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ නුදුරු දිනකදී සිය මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ ද පළාත් සභාවල ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයන් ලෙස තරඟ වැදීම සඳහා ය.

ඇතැම් දේශපාලනඥයන් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක ධුරය ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පූජකවරුන් සහ අනෙකුත් විශේෂ බලධාරීන් මාර්ගයෙන් පක්ෂ නායකත්වයට බලපෑම් කිරීමට ද උත්සාහ කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *