BREAKING NEWS
Search

ගෝඨාභය එලවලා NPP ආණ්ඩුවක් ගෙනල්ලා, අපිව ඇන්දුවා කියලා අද බො‍හෝ පිරිසක් දුක් වෙනවා – නාමල්

742

(ජූලි 09) ගැන මතක් කිරීමේදී, එවකට ආණ්ඩුවේ සිටි තමන්ට වඩා අද ජනතාව දුක් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළවා, ජාතික ජන බලවේග ආණ්ඩුවක් ගෙනැවිත්, ඔවුන් රැවටීමට ලක්කළ බවට, ‘ඇන්දවූ’ බවට දුක්වන බොහෝ පිරිසක් සිටින බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව, අවංකව අරගල සිදුකර, මෙරට ක්‍රම වෙනසක් සිදු කිරීමට තරුණයින් බලාපොරොත්තු වූ බවද, තිබුනාටත් වඩා ගතානුගතික, 88/89 කාලයේ තිබුණු ක්‍රමයේ ආණ්ඩුවක් ස්ථාපිත කර ඇති බවද අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

වත්මන් ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශ කරන ඕනෑම දෙයක් ‘Yes Sir’ ලෙස පවසා ඒ ආකාරයෙන්ම එකඟවන තත්ත්වයක් තිබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *