BREAKING NEWS
Search

ඉන්දීය කොටස් වෙළඳපොළ ඉහළට

38

ඉන්දීය කොටස් වෙළෙඳපොළ කෙරෙහි විදේශීය ආයෝජකයින්ගේ ආකර්ෂණය යළි දිනා ගනිමින් විදේශීය ආයෝජකයින් නොවැම්බර් මාසය තුළ පමණක් ඩොලර් බිලියන 9.53ක ඉන්දීය කොටස් මිලදී ගෙන ඇති අතර, එය ඕනෑම මාසයක් තුළ වාර්තා වූ ඉහළම අගය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බොරතෙල් මිල, සමාගම්වල ශක්තිමත් ඉපැයීම් සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයට සම්බන්ධ කොටස්වලින් ආයෝජකයින් ඉවත් වීමත් සමඟ ඉන්දීය කොටස් වෙළෙඳපොළ කෙරෙහි මෙලෙස විදේශීය ආයෝජකයින් යළි ආකර්ෂණයවී තිබේ.

ඉන්දියානු ජාතික සුරැකුම්පත් තැන්පතු ආයතනයේ දත්තවලට අනුව, දේශීය බැඳුම්කර වෙත ගලා ආ මුදල් ද ඇතුළුව සඳුදා ගනුදෙනු අවසන් වන විට මේ මාසය තුළ ඉන්දියාවට ලැබී ඇති සමස්ත විදේශීය ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 10.33ක් වෙයි.

සමාගම්වල අධික තක්සේරු මිල ගණන්, AI ආශ්‍රිත ආයෝජන අවස්ථා අඩුවීම සහ ඉහළ තෙල් මිල හේතුවෙන් විදේශීය ආයෝජකයින් 2025 වසරේදී ඩොලර් බිලියන 18.91ක සහ මේ වසරේ ඔක්තෝබර් දක්වා ඩොලර් බිලියන 31.41ක ඉන්දීය කොටස් විකුණා දමා තිබූ පසුබිමක මෙම නව ප්‍රවණතාව මතුවී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!