BREAKING NEWS
Search

වත්කම් ප‍්‍රකාශ නොදුන් රජයේ සේවකයන්ට අද සිට වැටුපෙන් දිනකට 1/30ක් කපයි – රජයෙන් ඓතිහාසික තීන්දුවක්..!

4134

2025 ජූලි මස 14 වන දින වන විටත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් අද දින සිට දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ඒ අනුව, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපෙන් අද සිට දිනකට තිහෙන් පංගුවක් බැගින් (1/30) කපා හැරීමට පියවර ගනු ඇත.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැඳී සිටින රාජ්‍ය නිලධාරීන් සෑම වසරකම මාර්තු 31 වන විට තමන් සතු දේපළ පිළිබඳ විස්තර ජූනි මස 30 වැනිදාට පෙර අදාළ ආයතන ප්‍රධානීන්ට භාරදිය යුතුය. ආයතන ප්‍රධානීන් විසින් එම ප්‍රකාශ CIABOC වෙත යොමු කරනු ලැබේ.

ජූනි 30 වැනිදා වන විට වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් රාජ්‍ය නිලධාරීන්ට එම ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා සති දෙකක සහන කාලයක් ලබා දෙන ලදී. මෙම සහන කාලය තුළදී ප්‍රකාශ භාරදුන් නිලධාරීන්ට අල්ලස් කොමිසම විසින් අවවාද ලිපියක් පමණක් නිකුත් කරන ලදි.

අද දින (ජූලි 14) අවසන් වූ සති දෙකක සහන කාලය තුළදී පවා වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන්ගේ ලැයිස්තුව, අදාළ ආයතන ප්‍රධානීන් විසින් ඉදිරි දිනවලදී CIABOC වෙත යොමු කළ යුතුය. දඩ මුදල් අය කරනු ලබන්නේ එම නිලධාරීන්ගෙනි.

මෙම නව රෙගුලාසිය ක්‍රියාත්මක වන්නේ, නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!